Thursday, December 6, 2012

පගාව

දුන්නම ගන්නා
අරන් දුවන්නා
දුන්නට ගන්නා
වැ
ඩේරන්නා ...

න්න දෙනා
ටෙන්ඩර් දානා
යටින් ගහපු කොළ
ඉහලට එන්නා ...

නොදුන් නිසා දොළ
පීදෙණි තටුවා
ඉහලින් ඇති කොළ
පහලට වැටුනා ...

වැඩේ තරම මැන
ගනන් හදන්නා
ඇදුරන්ටත් තව
ගොටු ගැට ගැහුවා ...

දන්න දනා දැන
විපරම් කෙරැවා
අන්ධ වීම සුබ
ලකුණක් වුවා ...

උන් කරනා විට
මං කෙරැවම මොට
දුන්නේ හරහට
නොවන්න මේකට ...


දුන්න දනා මිස
නොදුන් දනන් මඳ
සිටිනා ලොවකට
යක්කුන් මොකටද ...

ලොකු පාසලකට
ළමුන් අරින්නට
ලිපිනය මේ යැයි
බොරැ දෙසනා විට ...

මුදලට යටවුනු
සුපිරි යකුන් ඇති
මුල්ගුරැ මේසයෙ
ලාච්චු ඇර ඇත ...

දරැවන් හඟිනා
මුල් පාඩම නෙද
බොරැවෙන් රඡයන
ලොවක් උරැම බව ...

දෙස්පලු මාමලා
කුවේර සීයලා
සේවෙට කැපවුනු
සේවක මාමලා ...

දුන්නම ගන්නව
ඉල්ලං ගන්නව
දකිනා, හඟිනා
සැම සිත් සසලය ...

එහා ලොවින් එන
පිදේණි ලොකු විට
ලොකු ලොකු ඇත්තන්
යක්කුන් වී එත ...

ලැබු පිදේණිය
බර වැඩි වූවම
ගන්න දන්න දන
පෝලිම දස අත ...

දෙන එකාල දෙන
පිදේණි දුටුවම
ගන්න ඉන්න දන
යක්ෂ වේෂ ගෙන ...

ආරෑඩෙන් මෙන
ආතුර දන මැන
මතුරති නිතරම
දෙන්න දෙනෝ දන ...

රටක් හදන තැන
සිපිරියො ඇති තැන
නීති රකින තැන
සසුන් රකින තැන ...

විකුනන, විකිනෙන
ලෝකෙක, කාලෙක
දෙනු ගනු කෝලම
ඡන ගත වී ඇත ...

ඡරාව කන බොන
යකුන් සිටින විට
නොදෙන දනන් හට
කාගේ පිහිටද ?

රෙන්ටන් ද අල්විස් පබැදුමක්, 2012 දෙසැම්බර හයවන දින

No comments:

Post a Comment