Thursday, February 28, 2013

පුංචි කාලෙ ...


ඔන්න එකෝමත් එක රටක
කියල කතා කිව්ව ආච්චි
හබුන් කටයි බත් දෙකටයි
කියල බත් කැව්ව අම්මා
දෙනව හොඳවයින් දෙකක්
කියල පාඩම් කෙරෙව්ව තාත්ත
කොයි වෙලේද ගෙයින් පැනල
සෙල්ලම් කරන්න යන්නෙ
කියල හිතා හිටිය මං

සෙල්ලම් බතට හාල් මිටක්
හොරෙන් ගත්ත මං
ආච්චිගේ ඔලුවෙ හිටපු
උකුනො ගත්ත මං
තාත්තගේ සාක්කුවෙන්
කාසි ගත්ත මං
එහෙම වෙච්ච පුංචි කාලෙ
මතක් වුනා දැන්
 
රෙන්ටන් අල්විස් පබැඳමක්

Shared Google Image: credit: Anthony P Manalang
 

Wednesday, February 27, 2013

අපේ උරැමයට සුමට ටීකාවක්


ඉගෙන ගත්ත ඉස්කෝලෙ

ඒ කාලෙ... ඉතිහාසෙ.
අපෙ පුරාණෙ, අපෙ උරැමෙ ගැන.
උජාරැවට හිතන්න නෙවි.
පාඩම් ඉගෙනගන්න.
මොන මොන විදියට හරි
අඩු වැඩි ඇතුව
ලෝක ඉතිහාසෙත්
භාරතේ ඉතිහාසෙත්
යුරොප්පෙ ඉතිහාසෙත්
ජපන් ඉතිහාසෙත් ඉගෙනගත්ත.

ඒවා දැනගත්තම අපේ ඉතිහාසෙ
අරැම පෙනුනත්,
ඒ ගැන සංවේදීව හිතන්න ඇහැක් වුනා
,
නිකම් බැලුං වගේ පිම්බෙන්නෙ නැතුව.
එහෙම හිතල පස්සෙ පිපිරෙන්නෙ නැතුව.

ඒත් ඊට කාලෙකට පස්ස කවුද
අධ්‍යාපනය බාර ඇමතියෙකුට
හිතිල මේව මොකටයැ
දියුණු වෙන රටකට කියල.
ඉතිහාසෙ ඉගැන්නීම කපල
ඒ වෙනුවට වෙන වෙන දේවල්
ආදේශ කරල... දියුණු වෙන්න
විෂය නිර්දේශ හැදුව.

ඔන්න දැන්,
ඉතිහාසය අහිමි වුනු මහ ජාතිය

සුලු ජාතීන්ට පුප්පන්න පටන් ගත්ත.
රාජ්‍ය බාසාව,
අනුපාතික ලකුණු,
අනුපාතික රස්සා.
වැඩේ එන්න එන්න බරපතල වුනා.
දැන් දෙස්පලුවො රජ වුනා,
රට වැසියො බලු වුනා.
අපෙ උරැමෙ ගොලු වුනා.
නැති උරැම ලොකු වුනා.
ගැටුම් ගොඩ වැඩි වුනා.
සටන් ගිනි ඇවිලුනා.
දෙස්පලුවො රජවුනා.
කටුකන්න පෙළඹුනා.
රහ වැටිල බලු රැලක්
උන් එක්ක එක් වුනා.

දැන් ඔන්න අපි දියුණු වෙන හින්ද
අපේ උරැමෙ ... අපි
මගෙ උරැමෙ කර ගත්ත.
සිහලයන්ට එක උරැමයක්,
දමිළයන්ට තව උරැමයක්,
මුස්ලිමුන්ට තවත් උරැමයක්,
යනාදී වශයෙන්.
බර්ගර් ඈයො බොහොමයක් උරැමෙත්, රටත් දෙකම දාලා
යන්නම යන්න ගියා ඔස්ට්‍රේලියාවට.
ආදි වාසි ඇත්තො දඹානෙම කරක් ගෑව, අඩු වැඩි වශයෙන්.
ඉස්සර යසට එකට තිබ්බ
අපේ ලාංකේය උරැමෙ
සීසීකඩ වුනා.

කැඩුන, බිඳුන, විසුරැන.
වීදුරැ කෑලි වගෙ.
සමහරැ ඒවා එකතු කරනව ආයෙ පාස්සන්න.
තවත් ඈයො කෑලි අරන් අනික් උන්ට අනිනව.
රිදෙන්න. ලේ එන්න.


දැන් උජාරැව ඉහ වහල ගිහින්.
අනික් උන් අඬවනව,
තලනව, පෙලනව.
දන්නෙ නැති, දැක්කෙ නැති
අපෙ උරැමෙ ගැන
සිංදු කියනව, කියල බයිල නටනව.
නැති ත්‍රස්තයො නිපදවනව.
සමහරැ උල් පන්දන් දෙනව.
උන් පත්තු වෙනව.
මැරෙනව, මරනව.
බල්ලො බලල්ලු ගානට,
කිසිගානක් නැතුව.
සාමය ගැන කතා කියනව, ඇහෙනව,
සම්මන්ත්‍රණ තියනව, ගරනව.

වැඩේ දුර දිග යනව.
වැටෙන කටු කන්න
වෙන වෙන බල්ලොත් යනව එනව
උග්‍රයි වැඩේ දැන්
මෙහෙයුම් වෙඩි, බෝම්බ.

ජීවිත වැටෙනව කෙසෙල් කඳන් වගෙ
ජාතියෙ ඇඟ උඩට.
මගේ වුනු උරැමය රකින්න කියලා
තවත් අය වවාගෙන කනව.
වැඩේ දැන් ඔඩු ගිහින්.
දරැණුයි, කුරිරැයි, බරපතලයි.
පවුලක්ම මැදිහත් වුනා. යාලුවොත් එක්වුනා.
පවුල් හා මිත්‍ර සමාගම එක්වෙලා
වැඩි කතා නැතුව වැඩේ කෙරැව.
අපි වෙනුවෙන් අපි නැගී සිටිය.
අම්මල පුත්තු යැව්ව යුද්දෙට,
රගර් ගහන්න නෙවි ත්‍රස්තයො නසන්න,
රට මුදවා ගන්න කුරිරැ කොටි උවදුරෙන්.

ආව ගිය අය බයිල කිව්වට
ආටක නාටක පෑවට
ගියා අලිමංකඩින් කිලිනොච්චියට.
එතනින් නන්දිකඩල් කලපුවට.
මානුෂික මෙහෙයුමට.

ලක්ෂ ගනන් ආව කලපුව සිසාරල
උන්ගෙන් මිදිල එහෙන් මෙහෙට.
කොටි ටික මළා.
දෙපැත්තෙන්ම වෙඩි.
අසරණයො කොටු වුනා.
ඇම්බසිවල අන් තැන් වල,

මානව අයිතිවාසිකම් කාරයො කෑ ගැහැව්ව.
යුද්දෙ ආදරේ වගෙ.
නීති නෑ රීති නෑ. තිබුනත් වෙලා නෑ හදාරන්න.

ඔන්න ආයෙ විල්වල මල් පිපුන.
වෙඩි සද්දෙ චුත වුනා,
ඇහෙනව දරැවො අඬනව
බඩගින්නට. පිපාසෙට.


අයිඩීපී කෑම්ප් වල වැසිකිලි පෝලිම් දික් වුනා
මැස්සො, ලෙඩ, වැඩේ ලේසි නෑ
හමුදාවෙ මාමල එහෙන් ත්‍රස්තයො හොයනව.
මෙහෙන් අඬන දරැවො වඩා ගෙන නලවනව.
ප්‍රශ්ණ කෝටියක්.  ඒත් හැමෝම අත ගහල වැඩේ කෙරැන.
මාධ්‍ය අයියලටයි දෙස්පලු මාමලටයි
ගිහින් තුවාල වලට අනින්න ඉඩ දුන්නෙ නෑ.

ඒ හින්ද තුවාල වෙනදට කලින් වේලෙන්න ගත්ත.

දැන් ඔන්න A9 ය ඇරැන
යාල් දේවිය ටිකින් ටික සම්ප්‍රාප්ත වුනා.
වැට කඩොලු බිඳුන.
හෙමින්
සංහියාවෙ ගමන ඉබි ගමනින් ඇරඹුන.

බිම් බෝම්බ හෙව්ව එකතු කෙරැව
ගම් බිම් එලි වුනා ආයෙත්.
ඒත් හෙමින්
ඒ ඒවා කලබලේට කරන්න බැරි හින්ද.
දැන් අපි රාවණා ගැන කුවේණිය ගැන
හිතන්න, කියන්න, ගයන්න, ගත්ත.
මහින්දාගමනය රජවුනා.

ඒත් වැඩේ උත්කෘෂ්ටයි.
දුක් අඳෝනා සමග වුවත්.

බයක් සැකක් නැතුව පොඩි උන්ට ඉස්කෝලෙ යතෑකි.
බස් වල කෝච්චි වල බෝම්බ පිපුරැවෙ නෑ.
දැන් ඒවා පිපුරැවෙ ඩයස්ෆෝරාවෙ
එන්ජීඕ මහත්වරැන්ගෙ හිත් වල.
ජාත්‍යන්තර සම්මන්ත්‍රන වල.
වැඩක් නෑ කියල, අතහැරිල තිබ්බ ලෙඩ
හුඟ හරියක් හොඳ වුනා.

ඒත් අළුත් ලෙඩ ඇති වුනා,
ලෙඩ වැඩි තරමට දාන බිල් ගාන වැඩි වෙන හින්ද.

හියුමන් රයිට්ස් උල්ලංගනය.
කිව්ව දේ නාහන උන්, ජාත්‍යන්තරයට හොඳ මදි.
කියල  දෙන්න ඕන පාඩමක්.
ලොකු උන්ගෙ අණ නාහන පොඩි උන්
යවන්න ඕන දංගෙඩියට
,
සංහිඳියාවට එකවුන්ටබිලිටි ගේන්න.
ඩයස්පෝරාවෙ ජන්ද හඬ කෑගහනව
කැනඩාවෙ යුරොප්පෙ ඇමරිකාවෙ.
උන්‍නෙ දන්නෙ සේරම ලංකාවෙ වැඩ.
“කියල වැඩක් නෑ කිසිම සංහිදියාවක් නැහැ එහෙ.
ඔක්කොම චීනෙට විකිනෙනව.
ලිබියාවට ඉරානයට කලින් හේත්තු වුනාට,
උන් වැටුනට

මුන්ගෙ මුරන්ඩුවෙ නම් අඩුවක් නෑ.
යමු අපි ජිනීවා. එහෙ ඉන්න අපෙ එකියක්,
ලේසියෙන් වැඩේ වෙයි.”

“ගෙවමු ගානක්. කේ පීගෙ ලඟ තිබ්බ සල්ලි ගොඩ නැති වුනත්,
ගෙවමු චැනල් ෆෝ එකට
හදන්න රස කරල වීඩියෝ ලෝකෙටම පෙන්නන්න.
කියන දේ නාහන
,
නාහෙට අහන් නැති උන්ගෙ වැඩ.
ජන්මෙට අහන්නෙ නෑ අපි කියන දෙයක්.

ගේන්න යෝජනා. මැඩලන්න උහුලන්න බැරි අකීකරැව.”

දැන් ඔන්න පටන් ගත්ත
උන්ගෙ මානුෂික මෙහෙයුම.

අපෙ උරැමෙ ආයෙ හොරෙන් ගන්න.
එක්දහස් පංසීයෙ හිටන්
නිදහස වෙනකන් වුනා වගෙ.

ඒත් අද ලෝකෙ වෙනස්.
අපටත් යමක් කමක් තේරෙනව.
අනික දැන් නම්බු ගන්න,
අරන් රට පාවල දෙන්න ඉන්න නිලමෙල අඩුයි.
ඉන්නව ඒත් ටිකයි.
ඒ හින්දම
අනේ අපොයි!
අපේ උරැමෙ රැකෙයි.
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 27 වෙනිදා.

Much like the tapestry that should be our nation.
Lotus: Free Google image
Pix credit: Jennifferphoon
 

Tuesday, February 26, 2013

සිරිපා ගමන් සිත


හෙලේ නැග්ග ඩෝං පුතා අග්ගල      කෑවයි
රැගෙන ආව පොලිතින් මලු මග     සැරසුවයි
අබුද්දස්ස වූ කාලෙක ලබුත් තිත්ත       වූවයි
අම්මේ උන් සින්දු කියල දඬුමයුරන්    එව්වයි

කැලේ තියෙන හැම දේ දැන්       රස වේවා
දෝංකාර සැඩ හඬ මට                  නෑසේවා
බුදුන් දෙසූ දම් සිසිලස                 හැඩවේවා
සමන් වනේ වින කාරණ                දුරැවේවා

බුධ්ධං සරණේ සිරස      දරාගෙන
ධම්මං සරණේ සිත     පහදාගෙන
සරන ගමන් සිත ගිමන් නිවාගෙන
යන්න ඕන මග නිවන
     සදාලන
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 නවම් පොහෝදා .
 

නිදහස් ගූගල් ඉමෙජයක්

 

The Junction

by Renton de Alwis


Meeting hearts and minds
parting ways head east
wait for rising sun
turn west with purple skies
dusty roads will take you south
northern star guides through the night
meet part meet again
 journey journeyed
no end only a beginning
meeting parting ways


the junction
it stands still
no time no place
only space to play
hide and seek
look left look right
take off red amber green
leave junction behind
fade draw horizon line
 


take nothing take all
laugh cry shout sigh
give take hold let go
when minds meet
greet please
hurt rejoice
play seek
to meet to reach
to part again.


26th February, 2013

Labyrinth: a motif used in Sri Lankan mat weaving
Google Image
Pix credit: Kataragama.com

Monday, February 25, 2013

සිරිපා නමැඳුම් ඇයැදුම


බුධ්ධං සරණේ සිරස      දරාගෙන
ධම්මං සරණේ සිත     පහදාගෙන
යන්න ඕන මග නිවන      සදාලන
සරන ගමන් සිත ගිමන් නිවාගෙන

වඳින්න යන මේ නඟාට සුමන සමන්      දෙවි පිහිටයි
වැඳල බහින මේ මල්ලිට සංඟන් සරණේ       සරණයි
නල්ලතන්නියේ ඉදලම හෙලේ නැඟල හරි වෙහෙසයි
ගතට වඩා හිතේ හයිය දැඩි හන්දා              සැනසීමයි

බුදුන් වැඩිය මේ අඩවියෙ සමන් දෙවිඳු      කරැණාවයි
සීත සුළඟ සැදෑ සිතට සිසිලස දෙන           වරැණාවයි
සීත ගඟුල බැස යන මග පර සිපයන            සිරියාවයි
ඉඳිකටුපානෙදි අමුණපු නූල්බෝල              පැටලීයයි

ජීවිතයේ සුවඳ මිසක තිබිය හැකිද අන්            සුවඳක්
වඳින්න යන වැඳල බහින සැම සත සිත     කරැණාවක්
ගත වෙර නැති සිත වෙර ඇති අම්මේ ඔබ දරන වෙරක්
සිරිපතුලේ ආනුභාව වන්නෙද ඔබ ගතට         මෙරක්

හෙලේ නැග්ග ඩෝං පුතා අග්ගල      කෑවයි
රැගෙන ආව පොලිතින් මලු මග     සැරසුවයි
අබුද්දස්ස වූන කාලෙක ලබුත් තිත්ත    වූවයි
අම්මේ උන් සින්දු කියල දඬුමයුරන්    එව්වයි

කැලේ තියෙන හැම දේ දැන්       රස වේවා
දෝංකාර සැඩ හඬ මට                  නෑසේවා
බුදුන් දෙසූ දම් සිසිලස                 හැඩවේවා
සමන් වනේ වින කාරණ                දුරැවේවා

 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 නවම් පොහෝදා .

නිදහස් ගූගල් ඉමෙජයක්