Friday, October 31, 2014

හල්දුම්මුල්ලෙ අඳෝනා ...



මං දුකෙන් බරිත වුනා ඊයෙ
හල්දුම්මුල්ලෙ අපෙ ඈයො
බුරැතු පිටින් මියෑදුන බව අහල
අද උදේ තේ කෝප්පෙ
රහ නෑ වෙනද වගෙ
මතක් වුනාම
ඇහෙන නෑහෙන
දකින නොදකින
අඳෝනා ....

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්

Sunday, October 26, 2014

At the beach

by Renton de Alwis


Waves soft resonate pebbles
crab walks soft sand
like a drunk walks street
pause to stare gaze
worship morning sun
waves leave

bubbly muck in defined lines
new wave breaks
tiny shells lay still
like dreams yearn
to be gathered.

Monday, October 13, 2014

මතක ඉම

දෝර ගලන භිතේ සතුට 
ඉස්මත්තෙ වරැසාව 
ගං තෙරක් තෙමුව සේ 
හිත තවා නිවාලයි...
නිවුනු භිත සන්සුන්ය ...
නිදි වැරෑ බර දෙනෙත් 
අවදි කල මතකයට 
සහන් වැද සැනසෙන්න 
අණක් කරනා සේය ...

අණ වුවද 
කම්කලුය ...
මතක ඉම් මා ඉමක 
සරන සිතුවිලි ගොන්න 
දිමි ගොටුව කොළ ගොන්න 
වැළඳ ඇත්තා සේම 
සිත් ඉමද සරසවයි ...
පහන් සිත 
කිතිකවයි ...
කැකෑරෙන මතකයක 
සියුම් විස තුඩු පහස 
දෙන සියුම් වේදනා 
හද දරන සැනසුමට 
මොනවටද වින කරයි ...

සසල සිත 
කලබලය ...
කලබලය නිවන්නට,
සසල සිත තවන්නට,
මතකයෙන් මිදෙන්නට 
පලා එමි මොහොතකට 
පසක ලා බර පොදිය 
දරා ගත නොහැක බර ...
මතක ඉම 
පාව ගිය 
ඈතකට 
ඈතකට 
සිත නැවත පෙලන්නට 
පෙලා මා තලන්නට 
කුමන හෝ 
අවසරය 
දවා ලූවා වැන්න ...
සසල සිත 
සන්සුන්ය ...
පහන් සිත 
නිදි බරය ...

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Satori

by Renton de Alwis

I sought nothing
yet found something
and ceased searching.


Sunday, October 12, 2014

ඉස්පාසුව

ආවත් ගියත් නොගියත්
හිතක් දැරැවත් නොදැරැවත්
යා යුතුය මග ඉඩක් නිමවා
නොහැක මග හැර යන්න

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


Saturday, October 11, 2014

The wonder

By Renton de Alwis

Some wonders stay made
come packed
sun dried rain fed
earth worms churning
sprouting seeds
blooming blooms
of dew drops and rainbows
clean green sheen
touch deep soul song
substance wrapping and all.

and
yet others ...

are made
by mortal souls
blood sweat tears
rape scrape creep
lust looming pounds
on dry heartless souls
might fight tight
of mortar clay and sand
stay made deed

till one day ...

hard wind blows
parched sun burns
deep sea churns
with raised head takes
all leaves nothing at all
cry but a distant cry
of a little babe
breaking water
reaching out
of a mother's womb.
 

A Shared Google image


















Friday, October 10, 2014

කිවුල වීමංසා අත්වැල - 2014 සැප්තැම්බර කලාපය Kiula Vimansa Athwela - September 14 Issue

Click on the text below:
පහත ලින්කයට ක්ලික් කරන්න:


කිවුල වීමංසා අත්වැල - 2014 සැප්තැම්බර කලාපය Kiula Vimansa Athwela - September 14 Issue


කිවුල කණිටු විදුහලේ දරැවන් ගුරැ දිනය දා ගුරැන් නැමදූ වගයි.... On Teacher's Day they (Students of the Kiula Junior School) paid tribute to their teachers


පාලුව

නිදැල්ලේ ගැබ සරන
ළිහිණියකු  සේ සේම
තනිකමට පාලුවට
හරඔ කරනා සේම
පාවෙන්න සිතුවිල්ල
මුදා ලූවා සේම
ආදරයෙ ඉම තෙරක
සිත පහන් වූ සේම

කෝඩයක සැර පවන

ඔබ කැටුව ගිය සේම
සේවනය සුව දෙවන
හද පුරා රැඳි සේම
වියෝගයෙ ගිණි සිළුව
අරා ගෙන යන සේම
පාලුවට තනිකමට
වාරැවක් නැති සේම.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


Thursday, October 2, 2014

හා බැඳි සිත


ඔබ මොබ යන ඔබ
සත සිත සනහන
දැක බැඳි සිත ලොබ
හර බර වී ඇත

නිසඳුර සිඳ බිඳ
සඳවත මිහි මත
අඳිනා රෑ රස
පහන් වඩයි සිත

රාග ගින්න සිඳ
පිවිතුරැ පෙම බැඳ
ලියනා කව් පද
පිදුවෙමි ඔබ වෙත

එන්නකො යන්නට
හද විල තෙර ඉම
මනස් විලේ බැස
කිමිදී එන්නට

කුමරිය මිහිරිය
වයනා ගී නද
හඟිනා රෑ පෙල
අදරින් බැඳි සඳ.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්