Tuesday, December 4, 2012

සොයා ගිය මඟ

 












මමය, මාගේය,
සොයා ගිය මඟ...
නොමවීය මගෙ, ඔබගේය.

අසරණව සරන
පියාපත් සිඳි කුරැල්ලකු,
අහස අසිරිය විඳින්නට
තතනනා සේ ...

සරන මඟ, මාගේය,
දකින අසිරිය, ඔබගේය...
සරන්නට මඟ,
හෙලි පෙහෙලි කළ
වළාකුලු බිඳි,
සුළඟ, ඔබගේය...

කළු වළා මාගේය,
දවාලන අකුණු සැර, ඔබගේය.

සරන මඟ අවුරනා
ඝණ වළා පටල තිර,
කිණිහිරක් සේ ඉරන,
තියුණු නෙතු, ඔබගේය...

ඒ නෙතින් බලන්නට,
කඳුලු බිඳු තනන්නට,
ඉන් සයුරැ මවන්නට,
ගිලී එහි මියෙන්නට,
දරන තැත, ඔබගේය...

ඒ නෙතින් කිණිහිරක්,
තනන්නට, මවන්නට,
අකුණු වැල් විදින්නට,
සිහින තටු බිඳින්නට,
බිඳ දමා දවන්නට...
සැදුනු සිත...
මාගේය.

රෙන්ටන් ද අල්විස් පබැදුමක්, 2012 දෙසැම්බර හතරවන දින.
මා ළඟකදි භාවිකය ඉගෙන ගත් සිංහළ යතුරැබනු පුවරැවට පින්.

No comments:

Post a Comment