Thursday, December 13, 2012

අප පැරණි තාක්ෂණයෙ වටිනාකම














මේ ලඟදි දවසක, මං ගොඩ වුනා නගරයෙ, අපේය කියලා කියන දේ අලවි කරන ලක්සලකට. එතන, එක රාක්කයක විකුනන්න තිබුනා අපි, දැන් නැතුවට ඒ කාලෙ හොදි ව්‍යාන්ඡන හැඳි ගාන්න, බත් බෙදන්න හෙම පාවිච්චි කරපු පොල් කටු හැඳි. ඒවා හැඩට, ඔප දමලා හදලා තිබුනා.

ටිකක් ලංවෙලා බැලුවම තමයි, මම දැක්කෙ ඒවා අපේ අම්මලා, ආච්චිලා හොදි හැඳි ගාන්න බාවිතා කරපු ඒවට වඩා වෙනස් බව. ඒවා ඇහැට හොඳට පෙනුන හින්ද මං ඒ වෙලාවෙ, ඒක ගැන එච්චර හිතන්නෙ නැතුව, දුසිම් බාගයක් මිළට ගත්තා.

ඊට පස්සෙ තමයි මට මතක් වුනෙ, මේ හැඳි අපේ ගෙදර අපි පුංචි කාලෙ, අපෙ අම්මලා බාවිතා කළ ඒවට වඩා වෙනස් බව. ඒ මතකයට හේතුව, අම්මා දවසක් අපි කාලා ඉවර වුනාට පස්සෙ, කුස්සියෙදි කරනව මං දුටුව වැඩක්. ඈ පොල්කටු හැන්දක් සෝදන කොට හැන්දෙ මිට, පොල් කටුවෙ ‘ඇස්’ දෙක කියලා අපි දන්න, ඒ හැන්දෙ පාදලා හදලා තිබුන සිදුරැ දෙකෙන් මුදවලා එලියට අරගෙන,  ඒ කොටස් දෙක වෙන වෙනම හොඳ පිරිසිදුවට හෝද ගත්ත හැටි තමයි මට මතක් වුනෙ.

මං දැන් මිළට ගත්ත ලස්සන හැඳි හදලා තිබුනෙ යකඩ ඇණ ගහල. ඒවා වෙන් වෙන්න ගලවලා හෝදන්න ක්‍රමයක් නැහැ. හැන්දයි, මිටයි අතර කොටසෙ රැඳෙන අහාර කොටස්, විස බීඡ අරන් දාන්න, දැන් පෙණදාන, රසායන දියරයක් දාලා පණ යනකන් හෝදන්න ඹ්න.

ඹන්න දැන් හිතලා බලන්න නවීකරනය කියලා, අප, අපේ පැරණි සරල තාක්ෂණයෙන් බැහැර වෙලා, කරගෙන තියන අහේනියක තරම.  

අපේ කෘෂිකර්මයෙ, කර්මාන්තවල තිබුන තිරසාර ක්‍රමවිධි ගැන සොයන්න, ඒවයෙ ගුණ අගයන්න දැන් සමහරැන් කරන වෑයම අප අගයන්න ඕන.

No comments:

Post a Comment