Monday, September 30, 2013

අද මොහොත ...


මට නොකිය මගෙ මතක හොරැ හොරාගෙන ගිහින්
හිත හිතා වද වෙලා දුක් වෙලා පලක් නැහැ
හෙටක් ගැන හිතාලා හීන මැව්වට මොකද
අද මොහොත සුන්දරයි ලස්සනයි මල් වගේ


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
 
 

I saw and I saw

by Renton de Alwis


I saw a flower shed its petals
another struggling to bloom
a fish jump off the pond
only to jump back again
a vulture grab a roaming chick
let go, for grasp was weak
I felt the joy, heard the shriek
 a mother, her new born babe


(A repost)
 
 

Sunday, September 29, 2013

මුලාව

නන්නත්තාර ගිය සිතක්
ජීවත් කරවන්නට තවත් ජීවිත
නිවනු වස් දැවුන සිත් තැවුල්
මල් පල ගන්වන්නට වැඩුනු සිහින
අඳුරැ පට පලා දකිනා නියායෙන්
නැණැස වන් උපැස් යුවලක් පැළඳ
ලොවම සිසාරා සරා බලන්නට
මා සිත නපැරදී දිනන්නට
පෙර කලෙක සිට අරන්දාය.
මෙපිට කණපිට පරලලා බැලුවාය.
බලා හොඳ යසට එල්ලයක් ගෙන
ගිලන් වූ සිතකට වැරෙන් සුසිනිඳූ

පා පහරක් දුන්නාය.

ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

Childhood dreams

By Renton de Alwis

I had a dream,
not one, many
I had dreams
not of becoming a doctor
engineer, teacher or lawyer.

Of butterflies
roaming in the wild
to fill my life
paint in water colour
soft shades
rainbows,

fly a kite
watch it reach the clouds
snake, bat,  peacock
shape make skies

like my father
ride bicycle
each day back and forth
home to work
work to home

like my mother
cook meals
for all
make it taste
greatest ever
eat after all others
scrape the bottom
of the pots and pans

like my uncle
Daha mama
who bit off words
of each page alphabet
each day at school
and dropped out
to love
my cow and calf
give them grass and water


like my aunt
Sudhu amma
care to bring
bags of
kirala
on Sundays from Panadura

like my other uncle
Eddie mama
be the chandia of the village
fight all evil
wipe them clean off
the face of the earth
I had dreams
had dreams!
 
 

Friday, September 27, 2013

Give me a wonder

by Renton de Alwis

I love wonders
not those of marble,
steel, platinum
or diamond
but of a bird song,
dew drop, blue sky
or rainbow.

Give me a wonder
a babe’s cry, sweet smile,
a falling leaf,
even thunder and rain.
Yes, give me
yet other wonders,
wonders of pain,
suffering and love.
 
 

ඔබට ගීයක්


සිහින ලොවට පාව  එන්න
තරැ කැට මත හිඳ නටන්න
නෑසුන හඬ හැඩ   දකින්න
අහිමි ලොවක්   දිනාගන්න

මතක පොතේ කවි කියන්න
මියුරැ ගීත රස          විඳින්න
සමනළ සුරඟුන්      දකින්න
ඔබේ ලොවේ රජ   කරන්න

අත්වැල බිඳ ගමන්    යන්න
වැටුන සැණින් නැගී ඉන්න
රිදුනොත් හඬගා    හඬන්න
ආදරයට ඉඩක්       දෙන්න

වාරැ නැතත් කෙලින් ඉන්න
දිය මත හිඳ පාව        යන්න
දියකිඳුරන් හා         රඟන්න
ජල කඳ සිඳ ලොව  දිනන්න

හිමි ලොව මත පා  නගන්න
අහිමි ලොවට පෙම් වඩන්න
සරණ ලබා එය       දිනන්න
ඔබේ ලොවට මල් පිපෙන්න


අප සමාජයේ, ආබාධ සහිතව ආදරය, කරැණාව හා උපකාරයට වඩා, අනුකම්පාව වැඩි වශයෙන් ලබමින් වැඩෙනා විශේෂ දරැවන්ට පිදෙන උපහාරයකි.

 
ලිව්වෙ රෙන්ටන් අල්විස්







Thursday, September 26, 2013

බලාන උන් බලාපොරොත්තු​ව

පසුබිම රැව නිදහස් ගූගල් ඉමෙජසක්

ගොම්මන් බිඳගෙන හවස් ජාමයට
රසබෝ රතැඟුල් ගෙනෙන්නෙ නෑ
ඉපනැල්ලෙන් වස් දඬු රාවෙට
අම්බරැවන් හිත් තවන්න බෑ

යනකොට එනකොට සිතාන ආවට
නෑනන්ඩිගෙ බඩ පිරෙන්නෙ නෑ
පාවර මණ්ඩියෙ පැටික්කි උන්නට
නගුලෙන් විතරක් හාන්න බෑ

ඇල මෝගල බැස ඇඹුල ගෙනාවට
ආලවන්ත බව පෙනෙන්නෙ නෑ
ඔත්ත කරත්තෙට ඔසේ ඇදූවට
කටදැඩියාටත් බුරන්න බෑ

ආවට ගියාට රස්සා වුනාම
සෙනෙහෙ පාන්නට ලයිසොන් නෑ
නොබිඳෙන හිතකින් ආදරෙ කෙරැවොත්
බහක් නොදී බොට ඉන්නට බෑ


ලිව්වෙ රෙන්ටන් අල්විස්