Friday, December 28, 2012

අග්නියෙන් දැවුනු සිසලස


ගිනිගන්න !
සියලු දේ අනිති බව
මෙනෙහි කොට
ගිනි තිබ්බ කුණු ගොඩෙන්
මිදී විත් පියෑඹූ
මනස් කුස වැතිරෙන්න

පුපුරන්න !
ජරාවී දිරා ගිය
ගිනි වැදී බුරා යන
කුණුගොඩින් වීසිවුනු
දැවෙන ගිනි පුපුරැ කැට
මුතු වෙලා වපුරන්න

විඳ ගන්න !
මුතු බැන්ද ගෙල මාල
සඳ වුවන සඳවතිය
හිනාවක සිසිලසින්
රඟාගෙන ගිනි සිසිල
කුසුම සේ පිබිදෙන්න

සැනසෙන්න !
ගිනි වැදී මුතු බැන්ද
ගෙල මාල සරසන්න
බිළින්දකු නඟන හඬ
දෝංකාරය මතින්
සැනහිලා සැනසෙන්න.



ද්විභාෂක කවි - Bilingual Verse 3

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්. ඉංග්‍රිසි බසින් ලියූ මෙවන් අන් පද වැලක් 27 වන දින පහත ‘Solitude’ නමින් පළවී ඇත. අද දෙසැම්බර මස 28 වනදා.  
 
 

No comments:

Post a Comment