Saturday, December 15, 2012

පොල්කිච්චෝ

Pix credit: Hazrul Abdul Halim

 










 

පොල්කිච්චෙක්
වැට උඩ හිඳ,
මා දිහාව
බලා උන්න...

‘වන් ෆෝ’

නැගී ආවා
මගෙ සිහියට,
හුදකලාව
සිටි දිනයක,
ඈත, එපිට,
සිටි,
ඇය පිළිබඳ
මා,
සිහි කල සැටි ...

ඒ එක්කම
තවත් එකෙක්
ඔයා ලඟට
පියාඹලා,
ඒ අත්තෙම
ජෝඩු වුනා ...

‘ටූ ෆො ජෝයි’

නැගී ආවා
මගෙ මතකෙට
මායි මගේ
සොඳුරැ ඇයයි,
ඉස්සර කාලේ
දවසක
හුදකලාවෙ
පටල ඉරා,
සතුටෙ කඳුලු
උතුරපු හැටි ...


තව ටිකකින්
තවත් එකෙක් ...
ගාම්භීර
පෙනුමක් ඇති,
තරමක් වයසැති
ඇත්තෙක්,
අත්තෙ කොණක
වාඩි වුනා ...

‘ත්‍රී ෆො අ මැරේජ්’

රෙජිස්ත්‍රාර රාළහාමි
වන්නට ඇති
තුන්වෙනියා ...

අපි දෙන්නා
බඳින දාට,
එවනව අපි
කාඩ් එකක්,

එන්න ඕන
ඕන කමින්,
ඉඳිනෙමු අපි
මග බලාන ...

හිටියොත්,
දරැවෙක්
ඔහෙලට,
එක්ක එන්න
ඕන එයත් ...
 
1968 දි ලියා, 1974 දී විමල් දිසානායක හා සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල “විදුලකර කවි” පොතෙහි පලවු රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්, 2012 දෙසැම්බර් මස 14 වන සිකුරාදා, නැවත මතකය අවදි කර, සකසන ලදී. මේ පබැඳුම ඹහුගේ පාසල් වියේදී කියවූ බවත්, එහි සමහර පද වැල් තම මතකයේ තවමත් රඳා ඇති බවත් පවසා, සමහර පද වැල් මතක් කරදී, මහට අහිංසක, සංවේදී සතුටක් ගෙන ආ, පසුගිය දිනක මට අහම්ඹෙන් හමුවූ, ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් හට මගේ බැතිබර ස්තුතිය. මා මේ පද වැල දෙස නැවත සිත යොමු කළේ ඒ සිද්දිය නියාවෙනි.

No comments:

Post a Comment