Wednesday, October 30, 2013

නොවනු මැන මෙවැන්නක් කිසි කලක

People,
don't be the likes of this, ever.
Rise!

මිනිසුනි,
වනු මැන මෙවැන්නක් කිසි කලක.
පිබිදෙන්න!

 
රෙන්ටන් අල්විස් ලිව්වෙ

In flight





































I rose into deep blue skies
with strong willed wings
free style strode in softy winds
met seagull Jonathan
sang songs of freedom
of love, of life, of pain and joy
of blissful gain and falls that maim...

and one day,
a gale wind came
tore wing in part
let cold wind pass
make free fall, fall
on parched dry land...

lay still a while
let torn wing heal
werewolves kneel
bore my pain
made mind of steel
a heart for feel
when a soft sun rose
drizzles brought drops of water
of life with props,
made a Phoenix rise
with spanned wings to fly, free fall...

touch rhythmic tones
pluck rainbow muse
fly far ye far to horizon end, a tiny drop be
hug diving sun, on an evening sky


 

Tuesday, October 29, 2013

කුඩා නගරෙ පොත්හලක කතාව


අතීතයෙ ඔබ වැපුරැවා මන පුබුදු කරවන               භාවනා
මහා ඇදුරන් මහා කිවිඳුන් ලියු පතපොත              හාවුනා
සිහින සමනල ළමා හිතුමන් පියා සරනට             පේවුනා
අනේ කිම අද ඔබට වුනු වින විකිනෙනා ලොව   පාවෙනා

එදා ඔබ මට තුරැලු වන්නට අනගි දහමක්              වැපුරැවා
විභාගයෙ මරැ දැනුම පරයා ඔබේ නිවහන               බිඳලුවා
මුල් පොතින් ඇඳි කෙටිවු සටහන් තීරැ පත් වී        සැරසිලා
එදා නිවහල් ලකල පත්ඉරැ ප්රශ් උත්තර පොත්      වෙලා

රෙන්ටන් අල්විස් ලිව්වෙ


නිදහස් ගූගල් ඉමෙජයක්
 

Monday, October 28, 2013

A third eye muse


තවත් උදාවක්


සුන්දරයි උදය අද
කෑ ගසා කියාලා
කිරල කිරිලියක දැන්
පියාඹා ගියාවා
මොණර සෙබඩියක
දුක් අඬහැරය වයාලා
කන කොකුන් සුද විදා
අහස් නැග සරාවා ...

 රෙන්ටන් අල්විස් ලිව්වෙ

නිදහස් ගූගලු රැවක්
 
 

Hey! morn's come ...

By Renton de Alwis


Morn's first light
pierced squirrel cry
peahen weeps distant dream
lotus buds still moonstruck
oblivion to pond heron
hunt breakfast feed
mindful breeze make
a leaf fall.

 (a repost)

Saturday, October 26, 2013

කලෙක මා හද බැඳි කවියෙකුට ලියූ දුක්ගීයක්

සබඳ! ඔබ එදා
ලියු ගීයෙ රස සරණ 
කාලයේ පරාසයෙ
ගංවතුර හලා ගිය
රොන් මඩින් පෝෂිතව
මහද මන්මත් කලද,

කලට වැසි නොලදහෙන්
වියැලි තත්සර නැගූ
නිස්සාර යාමයක
ඉඩෝරෙන් ඉරිතැලුනු
වියරැ යායක් මත වූ
කුහක කුහරයක් තුල
පිපාසෙන් මියෑදෙන
ගොයම් මැස්සකු සේම
අකල් ගොදුරක් වීද?


ලිව්වෙ රෙන්ටන් අල්විස්
ගූගලයෙන් උපුටාගත් විකිලීඩියා ඉමෙජයකි.

Raindrops

A repost

Friday, October 25, 2013

Ying Yang

A repost

ඒ දිනේ ...


කියන කියුමන් කරන කාරන වලට සම වුන     ඒ දිනේ
සරන සිතුමන් ලියන කරදහි පසෙක වැටෙනා   දිනේ
නැගෙන සිනහව සොඳරැ පියුමක සිරිය ගන්නා ඒ දිනේ
එන්න මිනිසුනි එන්න විඳිනට කියපු කාරන      වූ දිනේ

ලොවක් දිනුවට සිතැඟි කුසුමන් පරව ගියහොත්   මේ දිනේ
කරන කාරන කියන කාරන පසක ලෑවොත්          අද දිනේ
දහම් සුවඳට දුඟඳ ධූමය එක්කලොත් අප            පෙර දිනේ
කොහොම යන්නද කුඩාවුන් හට සදන්නට ලොව පසු දිනේ


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ

(යලි පළ කිරීමක්)

 


බෙදාගත් ගූගල් ඉමෙජයක්

Thursday, October 24, 2013

Like on the wall in our world ....

(A repost)

කීබෝඩ් පංහිඳ

කලකට පෙර ලියූවක් නැවත පළ කිරීමකි. රැව නිදහස් ගූගල් ඉමෙජයක්.

Friday, October 18, 2013

මායිම් ඉමෙන් ඔබ්බට ....

පසුබිම් රැව - නිදහස් ගූගල් ඉමෙජයක්



හදවත බිඳ නැගි            මාඉම
කටු පතොකින් සරැ       මායිම
දෑස් අන්ධ කල              මාඉම
විස මිස රස නැති           මාඉම

පවුරැ බැන්ඳ පටු            මායිම
කටකලියා ලෑ               මාඉම
අසමගි මඟ හෙලි          මාඉම
වියරැ හිතක බැඳි           මාඉම

බලය දෙකඩ කල          මාඉම
පොලොව බෙදූ ඉර        මායිම
ඈත ඉමේ ඇඳි               මාඉම
පෑල දොරින් ආ             මාඉම

එකම හිරැගෙ පහස          ලබන
එකම සඳුගෙ සිසිල          විඳින
මිහිකත මව් උකුලෙ      රැඳෙන
විරසක ඇයි ගෙනදෙන      වින

රස ගීයක රහ                විඳින්න
සමණල තටු             හඹා යන්න
බර පොදි පැස      පසෙක ලන්න
මාඉම් බිඳ               එකතුවන්න

රෙන්ටන් අල්විස් ලිව්වෙ

No word can tell



A repost - Photo credit: Self


Thursday, October 17, 2013

ඉර සිසිල


දහවලදි දවන සැම
සොරකු සේ ගොම්මනේ
සඳට දුන්නේ සිසිල
සාවියට සැතපෙන්න

සැතපියන් සාවියේ
සැනසුමේ සැතපියන්
වළාගැබ සිනිඳු සලු
අරා ගෙන සැතපියන්

නිදන තරැ අවදිකර
සරා ගෙන සැතපියන්
සහන් සිත පුබුදු කර
සිහින ලොව සැතපියන්

හෙට උදේ තනඟ රැඳි
පිණි බිඳුව පාට කර
ගිහින් එන්නම් කියා
හිරැට සමු දී වරෙන්

රෙන්ටන් අල්විස් ලිව්වෙ