Sunday, December 30, 2012

අද ඉරිදා

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්

අද ඉරිදා
මට මොකද?
වෙනද වාගෙම අදත්
යසට මල් පිපිලා ඇත.
ඒ අපේ පිලිකන්නෙ
පොකුණෙ
නිල් මානෙල්
රතු නෙලුම්

අද ඉරිදා
තවත් දවසක් ඇවිත්
පිට කොන්ද රිදුනාට
මියුරැ විත නැතුවාට
ගෙන්දගන් පොලොවෙ තිබු
මැජික් වැඩ නැතුවාට
පොඩි උන්ගෙ චිරි චිරිය
ඉහට ඉහලින් ගිහින්
හිත පුරා ඉතිරිලා

අද ඉරිදා
දුකක් ඇත
ලබන සතියේ ඉඳල
උන් යනව ඉස්කෝලෙ
අඩ දවස පාලුවෙන්
දඟකාර සැහැල්ලුව
ඉරේසරයෙන් මකා
මක මකා
ලියනු ඇත

අද ඉරිදා
කිරිබතක් වඩිනු ඇත
සමහරක් වෙලාවට
සකයිප් එක පණ ගැහී
දීපාන්කරෙ ඉන්න
දූලා දෙන්නගෙ වදන්
අසන්නට බලන්නට
ඇහැක් වෙන්නට හැකිය
කබා ඉරැනට මොකද
මෙවන් පිං මට ඇතිය

අද ඉරිදා
වෙනදා වාගෙම අදත්
ලේනුන්ගෙ කඩිසරය
කලපුවේ මොණරැන්ගෙ
අමිහිරියෙ අඬහැරය
එකම එක කොවුලියක
ගයන ගීයක මිහිර
පරිවිකැල දෙමලිච්චො
මයින රැළ චූටික්කො
පොකුණෙ මාලුනට රවන
එකම එක කොක් රාළ
උන් හැවොම ඇවිල්ලා

අද ඉරිදා
ඊයෙ වගෙ එදා වගෙ
කුරිරැ රැදු පහර වැද
මියෑදුන
භාරතේ දියණියනි
මිනිස් කම නොදන්නා
උන් කරන වින කර්ම
හඬාගෙන දරා ගෙන
ලොව පුරා දුක් ගෙවන
මෑණියනි පියාණනි
ඔබ දෑස ඒ කඳූළු
හදවතේ බර පොදිය
හැරැනාම
ඉරිදාව සුන්දරයි.

සැම්බර මාසෙ 30 වෙනි ඉරිදා මල් පිපීගෙන න හිමිදිරියෙ.
 
රැව මගෙම වැඩක්
 

No comments:

Post a Comment