Wednesday, May 28, 2014

Look inwards...


Look inwards and not at others

"Not others’ opposition
nor what they did or failed to do,
but in oneself should be sought
things done, things left undone."


Dammapada : Verse 50. 


(Source: www.Buddhanet.net/ http://www.buddhanet.net/dhammapada/index.htm )

Sunday, May 25, 2014

පන්සලේ ලොකු හාමුදුරැවන්ට...



පස් විසි වසක්
මහණ දම් පිරෑ ඔබ
බුදුන් දෙසු දම් සුතුරැ
අගයන ගම් දනන් හට
උපන්දා සිට මියෑදෙන තෙක්
සෑම මඟුලෙදි, සෑම උලෙලදි
සිටිනු දුටුවෙමි සමිඳ.

කුහුඹුවකු සේ කඩිසරව
සිතූ දේ, සිතූ සේ, කරන, කරවන ඔබ
කුඩාවුන් හඬනා හඬින් අරණ පිරෙනා සඳ
බුදු පුතුන් නායකව, අසරණ සරන වන්නට
අනුන් යොමු කරන ලෙද කරන කාරණ
බොහෝ විට, බොහෝ තැන
සිදු කෙරෙනු දුටිමි මම.

බුදුන් මෙන් අල්පේජිතව
දෙසූ දම් පිළිවෙත් පෙලින්
බවුන් දම් වඩවා, චතුර්විධ වූ
සත්‍ය දම් මඟ, යොමා කුළුණු සිත
සරා යන්නට ඉදිරි ගමනට
ලැබේවා දිරි, ලැබේවා වෙර
පතමි මම සමිඳ අද දින!


ලිව්වෙ රෙන්ටන් අල්විස්

Fiezal Samath's article "Exciting Hambantota" ....

This article was published in the December 2112 issue of the Serendib Magazine. Check the link out :

http://serendib.btoptions.lk/article.php?issue=36&id=921

A Google Map image

Friday, May 23, 2014

A musing ....


සින්ඩිකේට් නොවුනු යාචකයකුගෙ පැතුමක්

Google Image; credit Sunday Observer, SL
















වෙසක් දවසෙ කන්න බැරි තරම්
කෑම, රසිස්, අයිස්ක්‍රීම්, සව්, කෝපි
කියලා වැඩක් නෑ, ලෙඩ වෙන කං කෑව.
බඩගින්නට නෙවි, දුන්න හින්ද

අදට සතියයි, වෙසක් උෂ්ණෙ නිවිලා
උන් යනව, එනව, එනව, යනව
මං ඉන්නව, මේ මුල්ලෙ බලාන
බඩගින්න ඉවසන්න බැහැ මට

අනේ මහතුණි! මං දිහා බලන්න
එදා වගෙ නැතත්, පොඩ්ඩට හරි
සල්ලි නෙවි, කන්න යමක්
දෙන්න දනක්, මේ ගින්න මකන්න.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Thursday, May 22, 2014

මඩ පොකුණෙ මල්

Pic credit: From the documentary by Ariyaratne Vithana
from Childhood to Womanhood, Docuinternational



දරැවගෙ කොටහලු මඟුල
බිග් ගර්ල් පාටි වෙලා
තාත්තට හවහට යාලුවො එක්න
බොන්න කරැණක් වෙලා
නගරෙ ඇත්තො දරැව එක්ක යනව පන්සල්
ගමේ ඇත්තො දරැව වටේ නටනව බයිල
හැදියාවෙ, සැබියාවෙ මල්
නෙළුම් පොකුණෙ පූද්දනව
ගමේ මඩ පොකුණෙ මල්
වියැලිල මියෑදෙනව.
විකාරයි සේරම විකාරයි!

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Monday, May 19, 2014

Pic credit: Shared Google image from Taringa.net













What The Buddha would have said....
(If he was among us today)
by Renton de Alwis

"Vikarai, Ananda, vikarai"!*


Is this a birthday treat for me,

to celebrate
what they imagine
to be me,
and the message
of the Dhamma
I shared?

waste galore....

they sing, they dance
they eat, they drink
they collect, lavish
pay themselves, rob,
swim in the muddy waters
of Kamasukallikanu yoga.

leave the sick,

poor and old
on the lurch, beyond
this Vesak week,
all in my name
blind, blinded
forgetting, forgotten.

I am bought

I am sold
like a branded good
even your brethren
charge lucre to spread
the Dhamma I taught,
for the well being of all

I am bewildered,

sad and broken
whatever happened
to the meaning,
right practice
of the Dhamma
I preached?

What a show, it is Ananda,

"Vikarai, Ananda, Vikarai".

* This line and the inspiration to write this is drawn from a verse written in Sinhala and published in the Facebook by Sureka Samarasena.


Friday, May 16, 2014

බුද්ධාගමික අායතනය තවදුරටත් අහිංසක නැත...

මා ඔබ විග්‍රහය අගය කරමි. නිවැරදි දැක්මක් ලෙස දකිමි. මාතෘකාවට (මික අායතනය) යන්න අෑඳුවෙමි.     අප මනස් විල් වල පියුම් පිපේවායි යන පැතුමද සමග, අන් මිතුරන් හා බෙදා ගනිමි !

උපුටා ගැනීම : https://www.facebook.com/puravesipathrika


ධර්මාවබෝධය වෙනුවට ආගමික අනුරාගයෙන් මත්වූවෝ මූලභූත පක්ෂපාතීත්වයන් (primordial loyalties) යුතුව මූලධර්මවාදය (fundamentalism) තෙක් පියමනිති...









විමුක්තියෙහි පාර්ශව දෙකකි...


බාහිර සාමාජීය දේශපාලනික විමුක්තිය එකකි... එයට හැමවිටම ‘අනෙකා‘ සමග ගැටුම අනිවාර්යය වේ... ඒ සදහා මතවාදීව මෙන්ම ආයුද වලින් පවා ගැටෙන්නට සිදුවේ... එහෙත් ලෝක යුද්ධ දෙකකින් පසුව විප්ලව සංහාර ගණනාවකින් පසුව දේශපාලනික සාමාජීය විමුක්තිය අරබයා වුවත් ගැටුමින් තොරව ජාතික වශයෙන් සමූහ කණ්ඩායම් වශයෙන් තමන් අභිමත විමුක්තිය අත්පත්කරගැනීම කෙරෙහි මනුෂ්‍යයින්ගේ අවධානය යොමු වී තිබේ... ගාන්ධිගේ අවිහිංසාවාදී නිදහස් සටන යනු එහි කදිම උදාහරණයක් වන්නේ ය.... ගැටුම් නිරාකරණය... සමතනය... විවිධත්වය පිළිගැනීම... අයිතිවාසිකම්... නිදහස ....

ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ඨත්වය කරා යන ගමනේ දී මිනිසුන් මේවා පුහුණු කර ඇත... තවදුරටත් ඔවුන් ශිෂ්ඨ විය යුතුය...

මනුෂ්‍යයා ධාර්මිකව පුද්ගල අභ්‍යන්තර විමුක්තිය සාක්ශාත් කරගැනීම අනෙකකි... ස්වර්ගය නිවන වැනි ඉලක්කයන් ඔවුනට තිබේ... ඔවුන්ගේ ධර්මයේ යහපත අයහපත විග්‍රහ කර තිබේ... එහෙව් ධර්මයන් අරබයා බාහිර වශයෙන් බල-දේශපාලනික වශයෙන් සටන් කරන්නට බැතිමතුන් පෙළඹීම විග්‍රහ කරගන්නේ කෙසේ ද...?

ශ්‍රී ලංකාව ඇය පෙළෙන ආගමික නොසංසිදියාව හේතුවෙන් වඩ වඩාත් ඔත්පල වෙමින් සිටින්නී ය... ලොව පුරාම පවත්නා වත්මන් ආගම් කිසිසේත්ම එම ආගම් වල ශාස්තෘෘවරුන් දෙසා වදහල ධර්මය මත පමණක්ම රදා නොපවතින ‘යමක්‘ බවට පත්ව ඇත... ඒවා තවදුරත් පුද්ගල අභ්‍යන්තර විමුක්තිය වෙනුවෙන් පමණක් ම පෙනී නොසිටිනු ඇත...

ඉතිං බුද්ධාගම/බුද්ධ ධර්මය පමණක් ඒ ශෝචනීය ඉරණමේ ගොදුරක් නොවන්නේ කෙසේ ද...?

බුද්ධ පුත්‍රයා ද බුද්ධ ශ්‍රාවකයා ද ධර්ම දේශනාව ද ඇවැත් පිළිවෙත් ද සංස්කෘතිය ද ඉතා දැවැන්ත විපරියාසයකට පත් වී ඇත... ගව අභය වෙනුවෙන් ගිනි තබාගන්නා භික්ෂූහු මූලධර්මවාදීයෝ ය... සූකර මාංස වෙළෙන්දන් වේවා, ගව මාංස වෙළෙන්දන් වේවා ඔවුන් ඔවුන්ගේ ජීවනෝපාය කරමින් දරුපවුල් නඩත්තු කරන්නෝ ය... ඔවුන්ගේ කඩ ගිනි තබන බෞද්ධයින් මූලධර්මවාදියෝය... අනුන්ගේ හලාල්, තමන්ගේ ධර්මයට ප්‍රශ්න කළ හැකි වන්නේ කෙසේ ද...? එය මූලධර්මවාදයකි...

බුද්ධ ඉතා උතුම් මිනිසෙකි... වීර්යයවන්ත මිනිසෙකි... අල්පේච්ඡතාවාදියෙකි... කාරුණික මිනිසෙකි... අභ්‍යන්තර විමුක්තියෙන් යුතු ව සැහැල්ලු මනසකින් යුතුව අවසන් ගමන් ගිය මිනිසෙකි....(මගේ විශ්වාසය පරිදි සිතෙහි නිරවුල්කමය නිවන...) එහෙයින්ම නිවන් දුටුවෙකි...! නිවන් සැප ලැබුවෙකි...!
තොරණ් නිවී... දන්සැල් අවසන් වී... වෙසක් ආලෝලනය පහව යන මේ මෙහොතේත් මම කල්පනා කරමි... පැහැදිලි අහසේ වෙසක් ස දෙස බලාගෙන මම කල්පනා කරමි....

බුද්ධ නම් ඒ උතුම් මිනිසා අද බෞද්ධ බැතිමතා විසින් අනුදැන වදාරණ මහා ධර්මස්කන්ධය දේශනා කර ඔවුනගේ හිත සුව පිණිසම සිය ජීවිත කාලයම කැප කර බෝ සෙයින් මහලුව කුසිනාරාව කරා වඩින්නට ඇත්තේ ද මෙවැනි ම වෙසඟ දිනකය.

මම මහාපරිනිබ්බානය සිහි කරමි...


මහලුවියට පත්ව සිටි ඒ උතුම් මිනිසා කුසිනාරාවට වඩින අතරමග සිය උපස්ථායික හිතවත් ආනන්ද සොහොයුරු අමතා ‘‘ ආනන්ද මට හරි තිබහයි... වතුර ටිකක් ගේන්න...‘‘ කී විට හිතවත් ආනන්ද තෙම ඊට මද වේලාවකට කලින් ගිය ගැලක් නිසා අපවිත්‍රව මඩ වී ගිය වතුරපාරකින් වතුර පාත්‍රයක් ගෙන දීමේ දර්ශනයක් මගේ මනැසේ මැවේ... සල්ලි සම්මාදම් කරමින් මහත් උත්සවාකාරයෙන් පැවැත්වෙන දන්සල් අඩහැරය මැද මට ඇහෙන්නේ ඒ උතුම් මනුෂ්‍යයාගේ කටහඩයි... ‘‘ ආනන්ද මට හරි තිබහයි...‘‘

බෞද්ධාගම ද ඇතුලත්ව ලොව පුරාම පවත්නා සෙසු ආගම් සියල්ලක්ම පාහේ වර්තමානයේදී කිසිසේත්ම එම ආගම් වල ශාස්තෘෘවරුන් දෙසා වදහල ධර්මය මත පමණක්ම රදා නොපවතින ‘යමක්‘ බවට පත්ව ඇත... එය විනෝදය/වින්දනය කළ හැක... බෞද්ධාගම ද ඇතුලත්ව ඒවා තවදුරත් පුද්ගල අභ්‍යන්තර විමුක්තිය වෙනුවෙන් පමණක් ම පෙනී නොසිටිනු ඇත... එය දේශපාලනික අවියක්ව භාවිතා කළ හැක... දේශානුරාගයට බද්ධ කර ‘මේ සිංහල බෞද්ධ රට‘ යැයි කියමින් අනෙකාට රිදවිය හැක... තර්ජනය කළ හැක...

මොන්ටෙරෝ වර්ගයේ ඈ සුපිරි යාන වාහන වල බණට වැඩමවන හාමුදුරුවරුන් දකින විට ද මට මතක්වන්නේ බුද්ධ නැමැති මිනිසාගේ දුෂ්කර චාරිකා සටහන් ය... අද ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී පන්සල් වල සැප පහසුකම් දකින විට මට මතක් වන්නේ ද බුද්ධ නමැති ඒ අසිරිමත් මිනිසාගේ අල්පේච්ඡතා ගුණයයි...

පිරිනිවීමට කුසිනාරාවට වඩින අතරමග දී ම...‘‘ආනන්ද මගේ සගල සිවුර හතරට නමා එලන්න... මට ක්ලාන්තයි... මට මදක් සැතපෙන්නට ඕනෑ...‘‘ යි කීවේ ලු...

එවන් උතුම් මිනිසෙකු ගේ ගහක් යට සිදුවූ උපත, ගහක් යටදී ලැබූ බුද්ධත්වය, ගහක් යට ලැබූ පිරිණිවීම සමරමින් මිනිසුන් වර්ණවත් මංගල්‍යක් කරන හේතුව මට නොදැනේ....

එහෙයින්ම මම නැවත නැවතත් කියමි...


ශ්‍රී ලංකාවේ බෞද්ධයින් දැන හෝ නොදැන බෞද්ධ මූලධර්මවාදයක ව්‍යාප්තියකට අනුබල දෙමින් සිටින බව මට හැගේ... මගේ ඇස් කන් වලට පමණක් නොව මනැසට මෙන්ම බුද්ධියට ද ගෝචර වේ... කිසිසේත්ම එය වෙසක් ප්‍රීති උත්සව වල හරසුන් විනෝදය තරම් නම් අහිංසක නැත...

Thursday, May 15, 2014

හදිසියේ වියෝවුන පියාට


තාත්තෙ!
එපා මට වයලිනය,
ගෙනත් දෙනවයි කියපු
ඇස් ඇරල බලන්නකො
ඔබේ ලොකු දූ දිහා...

නිසොල්මන් ඔබ දෑස වෙසක් සඳ    දකීවිද
අම්මාගෙ විලාපය ඔබ සවන       ගැටේවිද
නංගියා එක්ක මං මඟ බලන්      සිටින්නද
කවිය මා රස කලොත් ඔබ නැවත එනවාද

සංගීත පංතියට කැටුව මා ගිය            එදා
සිතැඟි ඔබ ඉටුවන්න හදාරන්නමි   සොඳා
වයලීන තත් බිඳෙන  හඬ සමග මා   මෙදා
ඔබ තුරැල පතන්නෙමි    පියාණනි මා සදා

ඔබ හදේ මෙලෙක මිස තද බවක්   තිබුනාද
අපට හිමි ආදරය ඉන් කෙලෙස        මිදුනාද
සප්ත ස්වර කලැතුමට ඔබේ හද    පණ වේද
වයමි මම, ගයමි මම, හඟිනු මැන     ඒ නාද

ගමන මග විරාමය අප කෙලෙස      දරන්නද
චිතක ගිණි බුරා එන ඔබ සිරැර        දවන්නද
සිසිල දෙන ගායනා මං නැවත        ගයන්නද
පියාණනි, අසනු මැන දෙව්ලොවේ අසිරි  විඳ


සත්‍ය සිදුවීමක් අැසුරෙන් ලිව්වෙ රෙන්ටන් අල්විස්







Tuesday, May 13, 2014

A Wesak Thought ....


මිත්තනියණි! ඔබට පිදුමක්

දරැ සෙනේ සාර බිම
ඉරිතලා ගිය වරෙක
මිනිබිරිය උකුලෙ ගෙන
හැදූ මිත්තණිය ඔබ
මහඟු ගුණ ගයමි මම

හුණුවටයෙ අසඩක්ව
ඔබ දෙපා ලඟ වැටී
රජුන් නැති, නීති ඇති
ලොවක ඔබ සමරන්න
මෑණියනි, දෙන්න ඉඩ

කුරිරැ බව හඹා යන
මිනිසුනට උරැම වුන
යකුන් නටනා අතර
අසරණව සරණවන
ඔබේ ලොව ජයගන්න

සියලු දිරි, සියලු සවි
පුදමි මම ඔබ නමට
මගෙ ආයුබල අරන්
මිනිබිරිය හා සමග
චිරාකල් වැජඹෙන්න!

ලිව්වෙ රෙන්ටන් අල්විස්