Saturday, December 22, 2012

ඈතක, ඈතට, සඳුන් වන් කොහොඔ ...

රෙන්ටන් ද අල්විස් ගෙදර වත්තෙ නැළවෙන කොහොඔ ගස් යාය සුළඟට නැලවෙන සැටි දැක
2012 දෙසැම්බර් මස 22 වන සෙනසුරාදා හිමිදිරියෙ ලියා ගැයූ යාදින්නක්.

“කොහොඔ ගහෙන්
කොහොම සඳුන්
මල් නෙලන්නෙ මන්
එහෙම කලොත්
ඔබ කියාවි, මෝඩ ගෑනි මන්”
තාරාවන් ඉගිලුනාට
නන් හිතුවිලි වැපුරැනාට
සඳුන් මලින් සැරසී ඔබ
මගේ උයන සරසන්නට
සරසා එහි රජ කරන්ට
අණසක,
නැණ
විහිදන්නට,
එදා මෙන්ම
අද දවසෙත්
මඳ සුළගේ
නැලවෙන්නකො!


උතුරැකරේ නෑනලාට
දකුණුකරේ බෑනලාට
කංකාරියෙ රඟ
රහකර
කියාදීලා
නැලවෙන්නකො!
සරෝජිනී ලෙඩ වුනාම
බාලම්මා බය වුනාම
උලුවස්සේ,
ඇඳ මත්තේ,
එලා, වෙලා
නැලවෙන්නකො!
ගන්නොරැවේ රණ බිමෙන්ද
හන්තානේ නිම්නයෙන්ද
ඈත එපිට
පඬුවස්  පුර
කුවේණියගෙ යාදින්නද
සක් රජුන්ට ඇසුන සඳට
මල් කුමරැන්
රජ රෑවෝ
යාග බෙරේ
පද තාලෙට
ගයා නටා
නැලවෙන්නකො!
පුංචි එකා
ලෙඩ වුනාම
ලේනුන් කුස සපිරැනාම
තිත්ත ඇත්ත
කියා දීලා
මඳ සුළගේ
නැලවෙන්නකො!




 

No comments:

Post a Comment