Thursday, January 31, 2013

විහඟුනට ගැයූ යාදින්නක්


සිතැ
ඟි පියුමන් පිපුණු උදයක ගයන ගීයක       මිහිරියාවය
සහන් සිතුමන් විහඟ තටු මත සරා නළවන ළඳුන්     රාවය
ඉරා බැඳි සර කිරණ හිරැ රැස් තණඟ පිණිබිඳු සලා    ලාවය
රඟන රැඟුමන් මියැසියන් කැල පහන් සිතුවිලි අරා   සාවය


හිරැගෙ සියුමැලි සිසිලසක රඟ උදය මොනවට    කියා දුන්නද
නැගෙන සැර රැස් මගක එන බව සසල හැඟුමක    පහල වූවද
යන්න එන බැව් කියා සිටිහෙද මද්දහනෙ දුක       දරා උන්නද
ඉන්න මොහොතක් සරන විහඟුනි මියැසියන් රඟ නුරා බිව්වද

 
රෙන්ටන් ද අල්විස් පබැමක්
2013 ජනවාරි 31 වැනිදා උද
 
Free Google image - Freebievector
 
 
 

Wednesday, January 30, 2013

මතකද පොල්පිති ගොනා ? .................. Polpithi Gona






     














ඔයගල්ල බෝහෝ දෙනෙකුට මතක ඇති පුංචි කාලෙ සෙල්ලම් කරපු මේ ොල්පිති ගොනා. පහුගිය නිවාඩු කාලෙ දවසක මා දැක්ක මාවැල්ලෙ මාමා, වත්තෙ සෙල්ලම් කර කර හිටිය පොඩිටයි, දෝණිටයි  ලස්සන  ොල්පිති ගොනෙක් හදල දීලා තිබුන. ඒකයි, ඊට කලින් සුමානෙ, කොළඹ ඉඳන් එනකොට කහවත්ත හරියෙදි තරැණයෙක්, එයාම හදලා විකුනන්න පාරදිගේ ඇද ගෙන ගිය, ඒකෙ රඟට රහ වැටිලා, මම පුංචි උන්ට ගෙනත් දීපු, ටක ටක ගාලා, යනකොට බෙරයක් නාද වෙන සෙල්ලම් කරත්තෙයි දෙකම, අර චීනෙන් ගෙනත් විකුනන විච්චූරන සෙල්ලම් බඩු වලට වඩා උන්ගෙ හිතට අල්ලල තියෙනවා දැක්කම, මට සතුටු හිතුන. සොබා දහමට අවනත මේ සෙල්ලම් බඩු, තන්හාව නිවලා, පුංචි උන්ගෙ හිත්වල පහන් හිතුවිලි ඇති කරනව නේද කියලත් හිතුන. මට ඇහුන මාවැල්ලෙ සීය ඒ දෙන්නට කියනව, පස්සෙ කුරැම්බැට්ටි කට කට යන්තරයක් හදා දෙනව කියලා ,,,,
How many of you will remember the "Polpithi Gona"? Made out of the top portion of a coconut branch? Made of things natural it is a lovely toy for kids. I saw that, Mawelle (Sirisena) Seeiya had made two of those for little Podi (Kavya) & Doni (Kithmy) and they loved it. They learnt so much about nature, of cows, bulls and milk and goma... They momentarily forgot the few more colourful imported plastic toys they had and were enjoying these for a few long hours... To add to that was an innovation of a cart made of throwaway tins by a youth near Kahawatta, I had got them on my last return trip from Colombo. The cart had a little drum that beats on its own when pulled...
Lovely lessons on creativity and innovation for our kids... Is this not development of the hearts and minds of our kids and their love for nature?  We waste resources in making more 'sophisticated' toys that only go to grow their greed, making them slaves of greed and wasteful ways.  I overheard Mawelle Seeya telling them that he will  next make them a 'Kurumbetti Rattle'.   

The search ...



Sought never to find
among stars
clouds in the sky
moon's shadow falls
on starless nights
groped in the dark
no like a bat searched
picked pieces all
floating swaying
soft wind blows
out of reach
a lifetime's dreams

Come till churn earth
soft with rain
dew drops shine
gentle rays sun falls
come take my hand
far beyond it all
horizon lines a water's edge
now you see
now you don't
never loose heart
lay life a seed
a sprout will fly



Renton de Alwis
on a cold January morning in 2013


A Free Google image





 

Tuesday, January 29, 2013

එපා කිසිවිට.


ඉන්න දෙන්නකො අකුරැ කරනා පොඩ්ඩන්ට ඔහෙ පාඩුවේ
උන්ගෙ ලෝකෙට අපේ පව් ගෙන යන්න හොඳ නෑ කිසිදිනේ
මනස් විකසිත පියුම් සේ වන් සොඳුරැ සිතුමන් උන් ලොවේ
අනේ අයියේ! අනේ මාමේ! ඉන්න ඔහලගෙ පාඩුවේ

කටුක වදනින් කුහක කෙරැමෙන් පිරී ගියමුත් අපේ ලෝකය
උන්ගෙ ලෝකයෙ සිහින මවනට ඉඩක් තවමත් ඉතිරි වී ඇත
දෙන්න උන් හට උන්ගෙ ලෝකය එපා කිසි විට ඈඳ ගන්නට
හඹා යන්නට දෙන්න උන්හට එපා උන් තටු සිඳ දමන්නට

වරද කොතැනද එය බිඳින්නට කරන කාරණ කල යුතුව     ඇත
සරන අසරණ නන් දනන් හට නිතින පිහිටක් විය යුතුව      ඇත
දරණ කොට ගත් නුවණ අණුවන අනුව පිහිටා සිටිය යුතු    ඇත
අකුරැ කරනා මනස් නිවහල් බවින් පොහොසත් කල යුතුව ඇත

සොබා දම් මව ඇකයෙ වැතිරෙන කුඩා වුන් ලොව      සුන්දරයි
දෙනෝදාහක් වදන් නැතුවට උන්ගෙ කව් ගී               මනහරයි
කුරැලු ගීයක ඇවුනු මලකින් දකින සිහිනය                 පින්බරයි
ශෝක ගීයක් වුනත් උන් එය ගයන විට              මන් මත් කරයි

 
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2013 ජනවාරි මස 29 වන අඟහරැවාදා
 

ගූගල් ඉමෙජයක්. ටෙරෙක්අර්ත්
 
 

 

Monday, January 28, 2013

විචාර සිතකට පද වැලක් ...


ගයනු නොහැකිය ප්‍රශස්තිය මත රැඳුනු හිස් කව්       ගායනා
කියනු කෙලෙසද කරන නොකෙරෙන විරිත් මත වී ලායනා
එනුව නොඑනුව අසන නොඅසන දනන් සිත තුල     පායනා  
බලනු නොපැකිල සරන සිතකින් කියන කාරණ      සායනා
 
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2013 ජනවාරි මස 27 වන ඉරිදා
 
 
 
 
 


 
නිදහස් ගූගල් ඉමෙජයක්

The why?

by Renton de Alwis


Dessert winds blew sand on my face
Oasis has dried not a drop to drink
My babe's cry of hunger hung on dried breast
He has come with a sack,
Camel milk and some meat

Oh! priest
Oh! priest
bless this food
say it fit to eat.



Written on Monday, 28th January, 2013 with the hope that we shall dare to examine 'the why' of the many things we 'see'.
 
 
 

 
Free Google Image

Sunday, January 27, 2013

A Sunday morning muse ….

by Renton de Alwis


I don't know why I chose to repost this verse I wrote on a cold Sunday morning, last December.  It may well be  because it is another cold Sunday morn out here and the Muses are still roaming in my mind. Hope a re read will bring you similar joy it did me in reflecting on them.


"The Muses are all of one mind, their hearts are set upon song and their spirit is free from care. He is happy whom the Muses love. For though a man has sorrow and grief in his soul, yet when the servant of the Muses sings, at once he forgets his dark thoughts and remembers not his troubles. Such is the holy gift of the Muses to men."

Hesiod - the Greek epic poet who probably lived around 700 B.C.

The Greeks
poorer today
for they, muse
not with thought
or carefree song
but with stuff pecuniary
much greed stuffed

Zeus and his wife Mnemosyne
I thank thee
for giving me
your lovely daughters
to sing and dance with
nine in all, not one less, not one more
Pierus came to Thespiae with them
to sing, to dance, to make merry
fly spirited, fly free,
sing spirited, sing free
dance spirited, dance free

An Oracle laid
show off Pierus to be wise
even said, were his granddaughters
Muses, not of Zeus
gentle and sweet
fly petals of bloom
on clouds roam
dance ye on an olive bush
please, please not Gods, but men

Come! Calliope, tell tales of yore
in verse, in song with poetic grace

Clio come! sing of kings and queens
heaven’s treachery and pain, losses and gain

Erato, of love, endless love, dipped
in poetic zeal, passion oh! Passion

Euterpe, seek the rhymes of hearts
to give, to get, to feel and touch

Sad! Melpomene, bring tears with love
on tombs lay wreaths of rejoice

 Holy thee! Polyhymnia, sing songs
of praise of Gods, sing divine

Terpsichore, you float with ease
on dance floors, grace, such grace

Oh! Sweet Thalia, you make me laugh
 your sweet tales of jesters in Gods

Urania, gape at stars, Saturn and Mars
Moon’s soft feel, for Jupiter’s call

Dance ye all! Dance till fall of night
into the wee hours of the morn
Muse ye all! Muse to your heart’s content
fill me with joy, make me sing! make me dance!

 
Written on the early morn of Sunday 6th December 2012, listening to drops of falling rain, recalling a journey made with ‘The Muses’  over forty five years ago, with my Guru, The late Reggie Siriwardene and the stark inspiration I drew then, from his poem 'Colonial Cameo'.

 
 
Google image

Saturday, January 26, 2013

සසල හිතකින් විවර කල කවුලුව


සසවතේ එන සඳේ රැව ගැන කුමට මා හට       කියා දුන්නද
පියන් හැර ගිය සිදත් කුමරැන් බුදුන් වූ බව පසක් කෙරැනෙද
දාන පාරමි පුරන රිසියෙන් දරැනුවන් සිත්      සසල කෙරැවද
ලොවක් සැරසූ දහම් ගුණයෙන් නිවුන ගිනි යලි     දවා ලූවද

අසන්නට දම ලොවම සරසන සියලු ඉඳූරන්            පිහිටි වූවද
කියන්නට දම් සසර සරනා ඵලය හේතුව                පිහිට වූවද
කියන අසනා දහම පමණද කරන කාරිය               කුමක් වූවද
අනේ මිනිසුනි! කියා දෙන්නකො හේතු ඵල දම   අරැත මේකද

එන්න අඩකින් විවර කවුලුව විදා බලමින්            සරන ලොවකට
හඬන දරැවකු අසල වැතිරැනු වැරී ගිය මව           පිනන ලොවකට
ලෙඩෙකු මහළකු මහන පුඹුලෙකි තිලක වූ දම     උරැම ලොවකට
ගයන්නෙමි මම සරණ යාදිනි හඬා හිනැහෙන       එවන් ලොවකට

යන්න එන්නකො මනස් විල මත පිපෙන කුසුමන් බලා ඉන්නට
එන්න යන්නකො නිහඬ සිතුමන් භාවනා ගුණ     පසක් කරනට
වදන් නොව ලොව කරන කාරිය පහන් සිත් මත  වැතිර ලන්නට
දෙන්න සමිඳුණි දෙන්න කාරන ඔබේ සෙවනට     විත් විඳින්නට


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි මාසෙ 26 වෙනි පදා උදයෙ ...
 
කිදහස්ව භාවිතයට මුදා හල ගූගල් ඉහමජ්යක්
 

Friday, January 25, 2013

An ode to a family I know...

By Renton de Alwis

Was written yesterday in response to a verse they sent me as a greeting.
Kids are three and the parents are in the eve of their youth.



Those three little gems, the two diamonds
I know will shine,
shine bright for all time
You, they  
make this world a better place,
give hope to those
whose garbs are worn, 
likes of me,
who yearn to see a better world.

For you.
For them.
As for me,
I have lived my life,
made our sins yours.
Please deliver me from those,
for we brought hurt
on Mother Nature
turned our backs on those
who needed us, when they did.

Look ! Please, look in the eyes
of those gems of yours...
you will see the shining light.

Our hope, your hope, my hope
Let that hope be the reason why
You, they,
we must live,
love, play, give
above it all,
learn to fight might,
not with might... but,
 with love.

 
25th December, 2013
 
 
Pix source: Free image @ vectorimages.com
 

Thursday, January 24, 2013

මගෙ ලොකු පොඩි ලෝකෙ ...


කාව්‍ය එයාගෙ නම.
හයයි වයස.
ආදරේට අපි එයාට
කියන්නෙ 'පොඩි'

ලඟදි දවසක පොඩි,
වත්තෙ සමනලයෙක් සතුටින්
පියාඔනව දැකල
මට කිව්වා,
"
මටත් එයා වගෙ
පියාඔන්න ඕන" කියල

තව චුට්ටකින්
තවත් ටිකක් හිතල
කිව්ව, "නෑ ...
අහස් යාත්‍රාවක් වගෙ" කියල

මං කිව්ව
"
පොඩිට ඇහැකි.
හිතන්න තටු ආව කියල"
ටිකක් හිතල
ඇස් ලොකු කරලා
මා දිහා බැලුවම
මං දැනගත්ත
එයාගෙ පුංචි හිතෙන්
පියාඔන්න එයාට
ඇහැක් බව...
එතකොට මං
සතුටු හුස්මක් හෙලුව.



ලිව්වෙ රෙන්ටන් අල්විස්, 2013 ජනවාරි මාසෙ 23 වෙනිදා
රෑව: ගත්තෙ මම
 

Beyond it all

by Renton de Alwis


What I seek
must surely be
where all else is
dumped in the junk yards
of butterfly wings

Winds come please
to take ashes like pieces
clouds of yore
make empty spaces
like gallery walls

Stay hung please
streamed free flows framed
works of art blows
minds and hearts
beyond it all

Strange silence falls
deafening hearts and minds
a soft song sung
oozing feelings of
yesterday's cold

dripping dreams
on a wonderland
to search...to find
to please, to seek
but beyond it all ...
 
 
Written on Thursday January 24th 2013
 
 

Photo credit: cobalt123 / Foter.com / CC BY-NC-SA
 




Wednesday, January 23, 2013

කුමට කවියක්


කුමට සරසමු බසින් විරිතින් සුමට කව් පද යසට  ගොතලා
කරන කාරිය දකින දසුනින් මනස් විල තුල කිමිඳ    බලලා
කුමට ගයනා කවිය ගීතය විමසුමක් නැති ලොවක   සරලා
එවන් ගැයුමන් හුඔස හිස් සේ හිස්ය නිරසය කුමට   කියලා

 
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි මාසෙ 23 වෙනිදා
 
 
වළා හිතුවිලි  ලොවක විමසුව
රැව - මගෙම වැඩක්
 

 

Tuesday, January 22, 2013

ඉර්ෂාන්ගෙ කතාව


ඔහු මා හඳුන ගත්තෙ
මගෙ පොඩ්ඩක් වුනත්
,
නිතර කපල, පිලිවෙලකට
තියන කොන්ඩෙ හින්ද
.
ඉර්
ෂාන්, මගෙ කරනවෑමියගෙ නම
අපි හමුවෙන්නෙ,

හම්බන්තොට ඉර්ෂාන් සැලොන් එකේදි.

කලක සිට බැඳි පෙමකින් වෙලිලා
ඔහු කරකාර බැ
ඳලා තියෙන්නෙ
අසල්වැසි සිංහල තරැණියක.
මා දන්න, ඇසුව, තරමට
එයාගෙ පෙම්වතිය-නෝනගෙ
ධ්‍යාපනයට
විශ්ව වි
ද්‍යාලෙ, විද්‍යා
බාහිර උපාධියක් ලබාගන්න,
ලබාගෙන රජයේ කන්තෝරැවක,
රස්සාවක් හොයා ගන්න
ර්ෂාන් කොන්ඩ කැපුව,
කොන්ඩ කපල ජීවිතයක් හැදුව.

අවුරැදු දෙකකට විතර පස්සෙ
කාලෙකට,
ඉර්
ෂාන් සැලොන් එක
වහල තිබුන
,
මාසයක් විතර.

මගෙ කොන්ඩෙ වැවුන.

ආයෙමත් සාප්පුව ඇරැනම
මා ගිහින් කරනවෑමි පුටුවෙ වාඩි වෙලා ඇහැවුවම
ඇයි සැලොන් එක
වහල තිබුනෙ කියල
ඉර්
ෂාන් ඇඬුව.
"බලන්න මට වුන දේ" කියල
කතාව කිව්ව
ඉර්
ෂාන්ගෙ පෙම්වතිය,
ඔහුගෙ බිරිඳ
, ඔහු හැරදා ගිහින්
අවුරැදු පහමාරකට පස්සෙ

ෆේස් බුක් එකෙන් හඳුන ගත්ත
අළුත් පෙම්වතෙක් එක්ක
.
ඉර්
ෂාන් දුක් වුනාලු
වැඩට එන්න
, කඩේ අරින්න
හිතක් දුන්නෙ නෑලු
.

ඉර්ෂාන් හදා ගන්න මහන්සිවුනු,
හීන මවපු
, ඒ ලස්සන අනාගතේ
හොරැ අරන් ගියාලු.

ඉර්
ෂාන් බැගෑපත් උනාලු.
ඒ සම්බන්දෙ නවත්තල
හිත එකලසක් කර ගන්න
කියල ඇයට කීවලු.
ඒත් ඒව ගනනකටවත් ගත්තෙ නැති හන්ද
ඉර්
ෂාන් ඇයට සුබ පැතුවලු,
එයාගෙ ආගමේ විදියට පල්ලියෙ
වැඩිහිටියන්ට දැනුම් දීල
,
ඇයට සමු දුන්නලු.

තව මාස ගානකට පස්සෙ
දවසක මම කොන්ඩෙ කපා ගන්න ගියාම ඉර්
ෂාන් මට කීව
එයාගෙ දෙමව් පියො එයාට
බිරිඳක හොයල තියෙනව කියල
කොළඹ පැත්තෙ ජා ළමයෙක්
ලබන මාසෙ මඟුල
මටත් කිව්ව
කොළඹ හින්ද මට
යන්න බැරි වුනා.

ඒ ගොල්ල ආයෙ හම්බන්තොට
ආවට පස්සෙ
, මම ඒගොල්ලට
කෑම ටිකක් කන්න අපෙ ගෙදරට
ඇරැයුමක් කලා
.
ඉර්
ෂාන්ටයි, එයාගෙ අළුත් මනමාලියටයි.

ඊයෙ හවස ඒ දෙන්න ආවා,
ආවම තුන් දෙනයි.

තුන් වෙනියා
අෂ්රා
වයස අවුරැදු හතරයි
දඟකාර හුරැ බුහිටි
කෙලි පොඩ්ඩ
.
ඉර්
ෂාන්ගෙ අලුත් මනමාලිගෙ දූ.
එයාගෙ කතාව
ඉර්
ෂාන්ගෙ කතාවටත් වඩා ශෝචනීයයි, කටොකයි.
දූ පොඩ්ඩ
,
ඉර්ෂාන්ගෙ ඔක්කට වෙලා
'ඩඩා' කියලා ආදරෙන් එයාගෙ
මූණ අතගාලා
,
එයාගෙ දිහාට
, ඉර්ෂාන්ගෙ අවධානය
ගන්න හදන විදියයි,
ඉර්
ෂාන් එයාට දැක්වූ ප්‍රතිචාරයයි
දැක්කම මට හිතුන...

ඉර්ෂාන් නම් වූ ඹහුගෙ...
මගෙ බාබර් මිත්‍රයගෙ
මනුස්සකම
කොයිතරම් උත්තම කියල.

 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි මස 21 වන සඳුදා.
අද පළ කලෙ ඉර්ෂාන්ගෙන් අහල, අවසර අරගෙන. නම් ගම් වෙනස් කරන්න මට ඹ්න වුනත්, ඉර්ෂාන්ට ඹ්න වුනා ඒයාගෙ කතාව, ඇති සැටියෙන්ම මා කියනව දකින්න
.



ගූගල් ඉමෙජ් ඒකක්