Monday, December 31, 2012

Disequilib​rium - තෙකාරණ කුපිතය

 
Koththamalli
Weniwalgata
rest and sleep
colours of nature
sound of silence
mind sans cobwebs
must find peace
tomorrow's work
must be done.

හිත වෙරට තිබුනාට
හෙම්බිරිස්සාවක් ඇවිත්
ගත දුබල කෙරැවාම
කොත්තමලියෙ පිහිට
වෙනිවැල් ගැටද සමග
හුරලා දැම්මාම
සෙම් මකුලු දැල්
කෝපවුනු තෙකාරණ
සංසිඳෙනු ඇත නැවත
කරන්නට ඇති දෑ හෙට
කල් දැමිය නොහැක කිසිලෙස.
 
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්. 2012 දෙසැම්බර මස 31 වනදා. 
ද්විභාෂක කවි - Bilingual Verse  5

Sunday, December 30, 2012

අද ඉරිදා

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්

අද ඉරිදා
මට මොකද?
වෙනද වාගෙම අදත්
යසට මල් පිපිලා ඇත.
ඒ අපේ පිලිකන්නෙ
පොකුණෙ
නිල් මානෙල්
රතු නෙලුම්

අද ඉරිදා
තවත් දවසක් ඇවිත්
පිට කොන්ද රිදුනාට
මියුරැ විත නැතුවාට
ගෙන්දගන් පොලොවෙ තිබු
මැජික් වැඩ නැතුවාට
පොඩි උන්ගෙ චිරි චිරිය
ඉහට ඉහලින් ගිහින්
හිත පුරා ඉතිරිලා

අද ඉරිදා
දුකක් ඇත
ලබන සතියේ ඉඳල
උන් යනව ඉස්කෝලෙ
අඩ දවස පාලුවෙන්
දඟකාර සැහැල්ලුව
ඉරේසරයෙන් මකා
මක මකා
ලියනු ඇත

අද ඉරිදා
කිරිබතක් වඩිනු ඇත
සමහරක් වෙලාවට
සකයිප් එක පණ ගැහී
දීපාන්කරෙ ඉන්න
දූලා දෙන්නගෙ වදන්
අසන්නට බලන්නට
ඇහැක් වෙන්නට හැකිය
කබා ඉරැනට මොකද
මෙවන් පිං මට ඇතිය

අද ඉරිදා
වෙනදා වාගෙම අදත්
ලේනුන්ගෙ කඩිසරය
කලපුවේ මොණරැන්ගෙ
අමිහිරියෙ අඬහැරය
එකම එක කොවුලියක
ගයන ගීයක මිහිර
පරිවිකැල දෙමලිච්චො
මයින රැළ චූටික්කො
පොකුණෙ මාලුනට රවන
එකම එක කොක් රාළ
උන් හැවොම ඇවිල්ලා

අද ඉරිදා
ඊයෙ වගෙ එදා වගෙ
කුරිරැ රැදු පහර වැද
මියෑදුන
භාරතේ දියණියනි
මිනිස් කම නොදන්නා
උන් කරන වින කර්ම
හඬාගෙන දරා ගෙන
ලොව පුරා දුක් ගෙවන
මෑණියනි පියාණනි
ඔබ දෑස ඒ කඳූළු
හදවතේ බර පොදිය
හැරැනාම
ඉරිදාව සුන්දරයි.

සැම්බර මාසෙ 30 වෙනි ඉරිදා මල් පිපීගෙන න හිමිදිරියෙ.
 
රැව මගෙම වැඩක්
 

Saturday, December 29, 2012

A song for Amanat …

By Renton de Alwis
‘India's Daughter, R.I.P:’ was part of a story India’s NDTV posted on its website today.
It added “The 23-year-old medical student, whose savage gang-rape on a moving bus provoked outrage and protests through India, died early this morning in a hospital in Singapore after severe organ failure. Her parents were by her side.”
“'Amanat' lost: can India change?” Was a comment page, they created.  Is this only India’s problem? Or is all of ours in Sri Lanka or anywhere else, for that matter. I saw a post on FB , giving the outrage in Delhi  a cast slant. Asked if mainstream opinion in India triggered, for she was of high caste and questioned the silence on the lukewarm reaction to the plight of the Dhalits and other minorities. Should we view this any such way?  Is it not a problem about us: men, women, young, old ... all of humanity?


I yearned
for a song
yearned to sing
a sad song ...

Why a sad song?
better still
a song of joy
bring laughter
no tears
no cry
only joy
nothing less
nothing more
sing for joy
joyful song ...

sing along
birds of joy!

came along
skies of blue
turned dark
teardrops of rain
burning rain
lightning before
thunder roars
touched your eye
consumed your will
old, sick and dead
filthy dirt drunks …

what good
my song of joy
bring to ease
such pain!

Sing! sing your song
sadness
of joy
you yearn
easing of pain
inside and out
shout, shout out
loud, reach
reach out strong
fight,  fight out
till the end ...

woman!
ease that pain
don't you cry
scream, push
hit with might
overpower
his sorrowful
being
take good aim
now kick
his balls
with all
your might.

Million eyes
now feel that pain
million hearts
now cry disdain
let not this loss
at the spring
of your life
be in vain
come to our midst
once again…

sing your song
your sad song
many like you
many like us
many like them
will cry in shame …
December 29, 2012
Delhi vigil for Amanat; 'India's daughter'
Pix credit : NDTV website
 

 

Tony Greg ! ටෝනි ගෙර්ග් !

Pix credit Google images


I remember how the Chairman of Jetwing Hotels, Hiran Cooray introduced him to me in 2001. I was then heading Sri Lanka Tourism. Tony, always wanted to know more about Sri Lanka, and spoke with such affection about the beauty of this land. When the terrorists attacked the Colombo Airport and our tourism was in the doldrums, he was one of them who took the message to the cricketing world  and the rest of the world that we were back in action. That helped the recovery process so much. I did not know him that well or personally like many of you did. But the little I knew of him, I knew that he was a good human being who stood for the underdog and for what is right. The only consolation is that now his suffering and pain ends for this birth. May he attain the eternal bliss of Nibbana!

ඔහු හොඳ මිනිසකු විය. මා මුලින් ඹහු හැින ගත්ත 2001 වසරදී ජට් වින්ග් හටල් සමාගම සභාපති හිරාන් කුර විසින් හුනා දුන් විටය. මා වකට ශ්‍රී ලංකා සංචරණය බාරව වැඩ කළ කාළයයි. ඒ දිනවල සංචාරකයන් අප රටට පැමිනීමට පැකිලුක විටදීත්, අප ගුවන් තටුපළ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වී, නැවත අප රටට සංචාරය සඳහා ඹවුන් ගෙන්නා ගැනීමට දිරි ගන්නා විටදීත් ටෝනි අපට මහත් රැකුලක් විය. අප රටේ සෞන්දර්යය  ගැන බොහෝ දේ දැන ගැනීමටත්, ඒ දේ පිළිබඳ ලෝක ක්‍රීඩා ලෝලීන් දැනුවත් කරනනටත්, ඔහු හැමවිටම උත්සුක විය. ඔහු වැටී සිටියවුන් සමග සිට, යුක්තියට අනුව ක්‍රියා කල, ඉතා හොඳ මිනිසෙකු විය. ඔහු දැන් විඳි වෙදනාවෙන් මිදී ඇත්තේ ජීවිතය, අන් සියල්ලක් මෙන්ම, අනිසි බව පසක් කරමිනි.  ටෝනි, ඔබට නිවන් සුව අත්වේවා !


පැතුම නව වසරට - New year wishes

මායාවන්ගෙ කැලැන්ඩරේ නැති
ඒ හින්ද විනාස වෙන්නැති
ලෝකයට සැලුට් දෙන
අවුරැද්ද එනවෝ !

ඔන්න මෙන්නැයි කියා
ගෙවිල ගිය තාම යන
හෙවනැල්ල දිගෑදෙන
අවුරැද්ද එනවෝ !

වඩා හොඳ කාලයක්
ඉස්සරහ තියෙනවා මෙන්න කැට
ජෛය්‍යාතිෂයෝ කියන
අවුරැද්ද එනවෝ !

ඇති අයට තවතවත්
මුදල් මත නැසෙන්නට නැසී
ඳඟ කරන්නට පාර හදලා දෙන්න
අවුරැද්ද එනවෝ !

කුඩා වුන් මනස් තුල
විකාරය වපුරන්න ඇඩ් පිරැනු
මාධ්‍යයෙ රෑප පෙට්ටිත් අරන්
අවුරැද්ද එනවෝ !

නසන්නට ඝණ අඳූර
දකින්නට හිරැ කිරණ
මෙත් බුදුන් ක්‍රිශ්ණාව
යේසු තුම නබි රදුන්
සැදී පැහැදී ඉන්න
අවුරැද්ද එනවෝ !

හොඳ දෙයම කියා දෙන
සොඳූරැ මිනිසුන් සමග
ඇසුර සරැ කරන්නට
සොබා දම් මවුන් වෙත
ආදරය වපුරන්න
අවුරැද්ද එනවෝ !

උන් කුමක්කීව මුත්
ඔබ කියා කරනා දෙයම
රන් වන්ව බබළන්න
හිත දරා වැඩ කරන
අන් අයට පෙම් කරන
අවුරැද්ද එනවෝ !

Bring us a new dawn
let not it be the same
not for the Mayans
for the little ones
here now with us
to be born
bring reason
bring joy
bring hope
bring all
fresh good
warm hugs
please bring us
a new dawn !


ලිව්වෙ රෙන්ටන් ද අල්විස් 2012 දෙසැම්බර්  මාසෙ 29 වෙනිදා කිවුල නිවසෙදි.
Written by Renton de Alwis on 26 December 2012

ද්විභාෂක කවි - Bilingual Verse 4
 
Pix Credit: Share Google Image, Awakened Village

Friday, December 28, 2012

ඒ කතාව ...

හෙට කියනවා කියලා පෙරෙදා කියපු, ඊයෙ කියන්න හිතා ගෙන හිටිය, කතාවයි ම...
තුටින් කියන්නෙ රෙන්ටන් ද අල්විස්, දෙසැම්බර මස 28 වෙනිදා කිවුලෙ නිවසෙ ඉඳන්.

මං ඉස්සලම ප්‍රසිද්දියෙ මොනවා හරි ලිව්වෙ, බම්බලපිටියෙ ශාන්ත පීතරයෙ ඉස්කලෙට යන කාලෙ, ගරැ මර්සලීනු ජයකඩි පියතුමා අපට සිංහළ උගන්නන කට, ඉස්කෝලෙ සඟරාවට. ඒ කාලෙ අපේ ඉස්කෝලෙ වැඩි පිලිගැනීමත් තිබුනෙ ඉංග්‍රීසියට. කොහොම හරි දණගාලා, බඩගාලා, වැටිලා, නැගිටලා ඒකත් ඉගෙන ගත්තා. ආසාවට වඩා, ලජ්ජාව වහ ගන්න.

මේ දවස්වල තමයි, ‘පන්සලේ පියතුමා’ගෙ හොඳම වැඩ හුඟක්ම සිද්ද වුනෙ. රේඛාවට ඒ අනගි සිංදු පද බැඳෙන්නෙ. සුනිල් සාන්තයන්, අයිවෝ ඩෙනිස් වැනි හෙළ සංගීත ලොවේ දැවැන්තයන් අප පාසලට යන්නෙ, එන්නෙ. සිසුන් ලෙස අපට, ඹවුන්ගෙ ඇසුර ලැබෙන්නෙ. කොළඹ පාසලක අප දන්න තරමින් පිහිටෙව්ව, මුල්ම සිංහළ වාද්‍ය බ්‍රෘන්දය ඇරඹෙන්නෙත් මේ කාලෙ. මේ මං කියන්නෙ 1960 ගනන් වල මුල ගැන.


අර කලින් පාසල් සඟරාවට ලිව්වට පස්සෙ, මගෙ මේ අංශෙ ඊළඟ සාර්ථක වෑයම වුනෙ උසස් පෙළ පංතියෙ ඉන්දැද්දි ,  මැන්දිස් රෝහණධීර මහත්මයා, ඒ කාලෙ විදුදයෙ සරසවියෙ කථිකාචාර්යතුමෙක් විදියට, ගුවන් විදුලියෙ සිංහළ සේවයෙ මෙහෙයපු සාහිත්‍ය රස වින්ඳන වැඩ සටහනකට සහභාගි වන්න ලැබුන ආරාධනාවයි. ‘යශෝදරාවතේ’ ඇයගෙ සංවෙදි යාදින්නට, “මෙය නොවිය හැකි දෙයකි. නොවිය යුතු දෙයකි. මෙවන් ළඳුන් මෙලොව ඉන්නවාද?” යැයි අසා, මා ලියූ විචාරය ගැන සංවාදයකටයි ඒ ඇරයුම ලැබුනෙ. එදා මං හොඳට පිම්බුන බව මට මතකයි. හරියට යහමට හුලං ගහපු බැලුමක් විදියට. අම්මයි, තාත්තයි, මමයි, මිතුරො දෙන්නෙකුයි, ගුරැවරැ දෙන්නෙකුයි ඇරෙන්න, මා හඳුනන වෙන කවුරැවත්ම ඒ වැඩසටහන අහලා තිබුනෙ නෑ කියලා දැනගත්තම, දවස් දෙකකට විතර පස්සෙ ඒ බැලුම, කාටවත් ඇහෙන්නෙවත් නැතුව පිපුරැනා.


ඉන් පස්සෙ, කැළණිය සරසවියෙදි නැවත මා ඉංගිරිසියෙන් වැඩිමනක්ව, ඉඳහිටලා සිංහළෙනුත් යම් යම් නිර්මාණ යැයි, මා හිතූ දේ කළා. ඉංගිරිසි කවි සමහරක් හල්පෙ මහාචාර්යතුමා පෙරාදෙණියෙන් අරඹපු, ‘නව සිලු’ සඟරාවෙ පළ වුනා.  ඊටත් පස්සෙ,
ඒවා එක දෙක, මහාචාර්ය ගුණතිලකයන් සංස්කරනය කරපු ‘ඉංග්‍රීසියෙන් කළ නව ලාංකික ලිවීම්’ පිළිබඳ කෘති කීපයකම පල වුනා.



ඒ කාලෙම වගෙ, මට ආර්ථික විද්‍යා අංශයෙ උගන්නන්න රස්සාවක් ලැබිලා තිබුනා. නවක කථිකාචාර්යවරයෙක් විදියට, විදුදයෙ ඉගෙන ගෙන, විදුලකරෙ උගන්නන්න ආව මහාචාර්ය සුනිල් ආරියරත්නයනුත් අප එක්ක, ඒ කාලෙ ඇදුරැ මඬුල්ලෙ හිටියා. ඔහු උගැන්නුවෙ සිංහළ අංශයෙ. ඒ වෙනකොටත් ඔහු කවි කමට සෑහෙන නමක් දරලයි තිබුනෙ.  මා දවසක කෑම වෙලාවෙදි ඔහුට මා ලියාපු සිංහළ කවි ගොන්නක් පෙන්නුව. එදා ඔහුගෙ ප්‍රතිචාරය වුනෙ “ ආර්ථික විද්‍යාවෙ රෙන්ටන් වගෙ, හුඟක් අනික් අයත් ඇති මෙහෙ කවි ලියන. අපි කවි පොතක් කරමු ඒවා හොයාගෙන” යන්නයි. මම මහත් ආනන්දයකින් වැඩේට දායක වෙලා, ඒ දවස් වල අප දැන අඳුනගෙන සිටිය රජයේ සංස්ථාවල අය ළඟට ගිහින්, මුද්‍රණය සඳහා ඇවැසි බරපැන සොයා දුන්න. මගේ ‘පොල්කිච්චෝ’ හා ‘ හිරෝෂීමා සිනාසෙන විට නාගසාකිය අත වනන්නිය’ කව් වැල් දෙකත්, අන් බොහෝ සිසු, ඇදුරැ සගයන්ගේත් ඉතා නිර්මාණශීලී එකතූන් එක්ක, විමල් දිසානායකයන් හා සුනිල් ආරියරත්නයන්ගේ සංස්කරණයෙන් එදා (1974) ‘විදුලකර කවි’ එළි දැක්වුනෙ එහෙමයි. ඒක එළි දක්වන කොට මා ලංකාවෙ හිටියෙ නැහැ. වැඩිදුර ඉගෙන ගන්න, ශිෂ්‍යත්වයක් ලැබිලා පිට රට ගිහින්.


ඊට කාලාන්තරයකට පස්සෙ, හරියටම කියනව නම් වසර 38 කට පස්සෙ, මීට සති දෙකකට විතර ඉස්සර දවසක මට අහඹුවෙන් හමුවුනා, තවත් සම්මාණනීය ගේය පද රචකයකු වන රත්න ශ්‍රී විජේසිංහයන්. ඒ අම්බලන්තොට ටවුමෙ සදර්න් හෝටලේ තේ බොන්න නවත්තපු වෙලාවක. ඔහු මොණරාගල පැවැත්වපු සාහිත්‍ය උත්සවයක කථාවක් කරලා එන ගමන්. මම ටවුමට ගියෙ බඩු වගයක් ගන්න. මා එදා ඔහුට මා හඳුනා දෙන්න මගේ නම කීවාම ඔහුගෙ අරැම ප්‍රතිචාරය වුනේ “විදුලකර කවි වල පොල්කිච්චෝ ලිව්වෙ ඹබ නේද ?” යන්නය. ඒ මදිවාට හේ, “රෙජිස්තාර රාළහාමි වන්නට ඇති තුන්වෙනියා” කියා ඒ පදයද ගයා , “මං කියෙව්වෙ ඉස්කොළ කාලෙ” කියා කී විට, මගේ පිම්බීම මොන හැටිවුනත්, ඔහුගේ ධාරණ මතකය ගැනත් එවන්, මටත් අමතකව තිබූ පද වැලක් පිළිබඳ “හොඳ දෙයක් කියෙව්වම, මට මතක හිටිනවා” යැයි පසු දිනක මා ඒ ගැන නැවත විමසූ විට, කී සැටිත් පිළිබඳ මා තුල ඇත්තේ මහත් ගෞරවයක්, සංවේදී භක්තියක් හා දයාබර සොම්නසකි. දැනට හැටපස්වන වියේ, ‘කබාය ඉරැනාට කමක් නැති’ ස්ථාවරයක සිටිනා මහට, නැවත, ආවේගයකින් කවි හා ලිපි නිමැවුම් කරන්නට ඔහු මෙදා දුන් ඒ තල්ලුව, යෝධ බලැතිය.


පසුගිය ඉරිදා ගාල්ලේ, බෝපේ පිහිටි මේ සොඳුරැ මිනිසාගේ නිවසට ඇරයුම් ලැබ, මා මිතුරැ නාලක හා පවුල සමග ගිය අපට, එහෙදී අද ගතින් නැති වුවත් සිතින් නිති ඔහු සමග වසන, දයාබර බිරිඳ හේමමාලියනුත්, දූ ප්‍රාර්ථනා සම්මානියනුත්, සුරතල් මිණිඹුර පරපුරත් දැන හඳුනාගන්නට ලැබින. අප දෙවසරකුත් හමාරකට පෙර පණදී, පවත්වාගෙන යන ‘ කිවුල කියවන ගුණය’ ජංගම පුස්තකාල සේවය’ ට, ඔහු හා දියණිය ලියූ හා අන් අය ඔහුගේ කවීත්වය ගැන ලියූ පොත් ගනනාවක්ම තිළිණ කිරීමද අප ඉතා සංවේදීව අගය කරමු.  


මා ඔබට දැක්ම සඳහා ඉදිරිපත් කර ඇති ජායා රෑ, එදා ඔහුගේ කාමර පුස්තකාලයේ කවරයකින් ආවරනය කර ඔහු හොඳින් රැක බලා ගත්, මා ළඟවත් පිටපතක් නැති ‘ විදුලකරකවි ’ පොතේ මා ගත් රෑ කීපයකි. කතෘ නම් පිටුවේ ඔහු කර ඇති අත්අකුරැ සටහන්ද, මගේ කව් වැල් සහිත පිටු දෙකද මෙහි වේ. ඔහු ලියු සම්භාව්‍ය පද වැලින් නෙලූ, සුදු නෙළුමක් වන් ඒ සොඳුරැ මිනිසා සමග අප ගත් රෑ දෙකක්ද මෙහි ඇත. ඔහු අපට කී ලෙසට ඒවාහි පසුබිම් මූර්තිය ඔහු ලියූ ගේය පද අරැත් දක්වන ලෙස මිතුරැ මූර්තිකරැවන් විසින් අඹා ඇති ඒවාය.









 
 
 
 

අග්නියෙන් දැවුනු සිසලස


ගිනිගන්න !
සියලු දේ අනිති බව
මෙනෙහි කොට
ගිනි තිබ්බ කුණු ගොඩෙන්
මිදී විත් පියෑඹූ
මනස් කුස වැතිරෙන්න

පුපුරන්න !
ජරාවී දිරා ගිය
ගිනි වැදී බුරා යන
කුණුගොඩින් වීසිවුනු
දැවෙන ගිනි පුපුරැ කැට
මුතු වෙලා වපුරන්න

විඳ ගන්න !
මුතු බැන්ද ගෙල මාල
සඳ වුවන සඳවතිය
හිනාවක සිසිලසින්
රඟාගෙන ගිනි සිසිල
කුසුම සේ පිබිදෙන්න

සැනසෙන්න !
ගිනි වැදී මුතු බැන්ද
ගෙල මාල සරසන්න
බිළින්දකු නඟන හඬ
දෝංකාරය මතින්
සැනහිලා සැනසෙන්න.



ද්විභාෂක කවි - Bilingual Verse 3

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්. ඉංග්‍රිසි බසින් ලියූ මෙවන් අන් පද වැලක් 27 වන දින පහත ‘Solitude’ නමින් පළවී ඇත. අද දෙසැම්බර මස 28 වනදා.  
 
 

Thursday, December 27, 2012

කිරල මතක


සුදු නැන්දා වාද්දුවෙ
මාස දෙකකට වරක්
ඉරිදාවෙ උදැහැනම
අපෙ ගෙදර වඩිනවා
පුංචි කාලේ මතක
ගොඩ ගහල තියෙන තැන
හාරලා සූරලා ගොඩට
ඇදලා ගත්ත
මං උන්නා ඇගෙ මගට
ගිහින් හාදුව ගන්න

වරද්දන්නේ නැතුව
ඈ ගේන කිරල මලු
දෝතින්ම බදාගෙන
බර උනත් සරැ හින්ද
මං එක්ක හනිහනික
කුස්සියට වඩිනවා
කහට තේ මුංගුලිය
සැදී පැහැදී සිටිය
වතගොතට වපසරිය
මව් තුමිය සදනවා

මේ වාරෙ කිරල ගෙඩි
අඩුවටයි ඇහින්දේ
ඊයෙ වැස්සෙන් පස්සෙ
ගඟ බඩයි කලපුවයි
හැම තැනම මඩ වෙලා
පුතා ගැන හිතාලයි
මේ ටිකත් ගෙනාවේ
හොඳට ඉදිලද මන්දා
ටික දොහක් තියාලා
රසට හදලා දෙන්න

සුදු නැන්ද හරි හොඳයි
මට හරිම ආදරෙයි
මං ඔයාටත් ගොඩක්
ආදරෙයි කියාලා
හඬ ගසා කියන්නට
මා සිතේ ආසාව
පිටාරා ගිය බවත්
හිතේ එය තද කරන්
රඳා ගෙන සිටි බවත්
මට හොඳට මතක ඇත

එසේ මා නොකීවේ
මන්ද මොන කාරනා
කුස්සියේ පිලිකන්නෙ
මව් තුමිය සඳවතේ
ටිකක් හෝ අඳූරකින්
ඉරිසියාවේ අරැම
දහඩියේ පිනි බින්දු
හා එක්ක මුසු වෙලා
ඇගේ නෙත් තෙතබරිත
වේය මා සිතු නිසා

හුණූවටය කතාවේ
ගෲෂාද යුවරැජින
කුඩා කොලු පැංචාගෙ
අයිතියට නඩු කිව්ව
අසඩක්වු විනිසුරා
තීන්දුව දුන් ලෙසට
මව් ගුණය ඇති අයම
දරැවන් ලැබිය යුතු සේම
මුනිවතින් මා ඇයට
ආදරය පුද කළෙමි.
 
රෙන්ටන් ද අල්විස් පබැදුමක්, 2012 දෙසැම්බර විසි හත් වන දින කිවුල නිවසෙදි.
 
Pix credit: Chicagotheatrebeat