Thursday, December 27, 2012

කිරල මතක


සුදු නැන්දා වාද්දුවෙ
මාස දෙකකට වරක්
ඉරිදාවෙ උදැහැනම
අපෙ ගෙදර වඩිනවා
පුංචි කාලේ මතක
ගොඩ ගහල තියෙන තැන
හාරලා සූරලා ගොඩට
ඇදලා ගත්ත
මං උන්නා ඇගෙ මගට
ගිහින් හාදුව ගන්න

වරද්දන්නේ නැතුව
ඈ ගේන කිරල මලු
දෝතින්ම බදාගෙන
බර උනත් සරැ හින්ද
මං එක්ක හනිහනික
කුස්සියට වඩිනවා
කහට තේ මුංගුලිය
සැදී පැහැදී සිටිය
වතගොතට වපසරිය
මව් තුමිය සදනවා

මේ වාරෙ කිරල ගෙඩි
අඩුවටයි ඇහින්දේ
ඊයෙ වැස්සෙන් පස්සෙ
ගඟ බඩයි කලපුවයි
හැම තැනම මඩ වෙලා
පුතා ගැන හිතාලයි
මේ ටිකත් ගෙනාවේ
හොඳට ඉදිලද මන්දා
ටික දොහක් තියාලා
රසට හදලා දෙන්න

සුදු නැන්ද හරි හොඳයි
මට හරිම ආදරෙයි
මං ඔයාටත් ගොඩක්
ආදරෙයි කියාලා
හඬ ගසා කියන්නට
මා සිතේ ආසාව
පිටාරා ගිය බවත්
හිතේ එය තද කරන්
රඳා ගෙන සිටි බවත්
මට හොඳට මතක ඇත

එසේ මා නොකීවේ
මන්ද මොන කාරනා
කුස්සියේ පිලිකන්නෙ
මව් තුමිය සඳවතේ
ටිකක් හෝ අඳූරකින්
ඉරිසියාවේ අරැම
දහඩියේ පිනි බින්දු
හා එක්ක මුසු වෙලා
ඇගේ නෙත් තෙතබරිත
වේය මා සිතු නිසා

හුණූවටය කතාවේ
ගෲෂාද යුවරැජින
කුඩා කොලු පැංචාගෙ
අයිතියට නඩු කිව්ව
අසඩක්වු විනිසුරා
තීන්දුව දුන් ලෙසට
මව් ගුණය ඇති අයම
දරැවන් ලැබිය යුතු සේම
මුනිවතින් මා ඇයට
ආදරය පුද කළෙමි.
 
රෙන්ටන් ද අල්විස් පබැදුමක්, 2012 දෙසැම්බර විසි හත් වන දින කිවුල නිවසෙදි.
 
Pix credit: Chicagotheatrebeat
 

No comments:

Post a Comment