Friday, December 21, 2012

තවත් දවසක් ...

2012 දෙසැම්බර් මස 21 වන දින හිමිදිරියෙ ලියූ රෙන්ටන් ද අල්විස්ගෙ පද වැලක් ...

අදත් ආවනෙ
හෙටත් එනවනෙ,
ආයුබෝවන්!
තවත් දවසක්.

ඉහත කාලෙක
කරපු පින් වෙද,
මෑත කාලයෙ
මැන බලන්නට.

ඇසූ සඳ කිම
ආව කාරන,
නිකම් ආ බව
කියවෙලා ඇත.

ඉවර වන බව,
තරැ අවර දින
ලියා තිබු බව
කියා තිබුනද,

අදත් පායපු,
හෙටත් පායන
හිරැකුමර, සඳවතිය
ඹබ වෙද.

තවත් දවසක්,
තවත් දවසක්
ආයුබෝවන්!
තවත් දිනයක්,

හිරෝෂීමා සිනාසෙන විට
නාගසාකිය අත වනන්නිය.

අහා! සාමය,
තවත් දවසක
නිදි වරන්නට,
යහන් ගත විය.

එන්න අද දින
හෙටත් ඉන්නට
ලියූ නොලියූ බවේ
කම් නැත,

අනන් දන හට
වසන්තය ගැන
කියන, දෙසනා බණෙහි
කම් නැත,

එකම හිරැගෙන්
එකම සඳුගෙන්
පහස ලබනට
උපන් මිනිසුනි!

ලබා දෙනු මැන
සැදෑ සිතකින්
කුසට අහරක්,
හිසට වහලක්,
ගතට සවියක්,
සිතට සැනසුම
මහලු ලෙඩෙකුට,
කුඩා එකෙකුට.

හලා විස අවි
අලුත් දවසක,
සොබා සොඳරිය
පහස විඳිමුද?

අදත් ආවනෙ,
හෙටත් එන්නකො,
සෙනහසක සවි
අවි අමෝරා!

මගේ සිහිනය
ඉපදිලා ඇත.
හිරෝෂීමා කඳූ මුදුන මත
වසන්තයෙ මල් ඉහිරිලා ඇත.
නාගසාකියෙ කඳුලු වැස්සට
මුලු ලොවම අද පිබිදිලා ඇත.

අදත් ආවනෙ,
හෙටත් එන්නකො
කුඩා එකෙකුගෙ
සිනා කැන් මැද.
 

 

No comments:

Post a Comment