Tuesday, April 28, 2015

ඉටුවූ පැතුම ගැන යමක්


මනස මා තුටුව සකි
දියවන්නාව දෙස බැලුව.


ඉකි බින්ඳ හදවතක්
වියරැවෙන් මිදී ගොස්
ක්ෂෙම බිම් සොයා ගෙන
දහනමය හිස දරන්
අතගසා වට්ටියට
කුමන හෝ මත ඇතිව
පින් ලබා ගත් බවට
නිවුස් එක ලැබීඇත.


ඉපදෙන්න පරපුරට
උරැමයට ඉඩ දුන්න
නරැමයන් පරදවා
අරැමයට පන දුන්න
යහ බලය මුදාහැර
මැර බලය පැරැද්දූ
මනස රජයන ලොවක
හදවතට ඉඩ දුන්න,


මඳක් හෝ අවසරය
හැට වැටුප්, තනතුරැද
'අල්ලස්'ද ලබාගෙන
කුමන්ත්‍රණ හා සමග
ජන මතය තවන්නට
පෙනී හිටි ඔබ හැමට
දෙවොල් දෙවි අරණ බිම
මහ නිලමෙ පදවියක්
ලැබීලා වැජඹෙන්න
යම බලය ලැබේවා!


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

A Google image

Monday, April 27, 2015

අද හෙටට පැතුමක්

මනස මා වික්ෂිතව
දියවන්නාව දෙස බලයි.

ඉකි බින්ඳ හදවතක්
වියරැවෙන් මිදී යන
ක්ෂිතිජ බිම් සොයා ගිය
දහනමය හිස දරා,

ඉපදෙන්න පරපුරක
උරැමයට ඉඩ දෙන්න
නරැමයන් පරදවා
අරැමයට පන දෙන්න
යහ බලය මුදාහැර
මැර බලය පරදන්න
මනස රජයන ලොවක
හදවතට ඉඩ දෙන්න.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්







Pic credit: ft.lk

Tuesday, April 21, 2015

මන්ද මනස් කෝලම

දන මන වනසා
වැරදි සරි කරනා කෝලම
වනචර මනසා
සම්පත් වනසන තාලම
ඉඳිමුද සනසා
හිතැඟි වඩවන කෝලම
අසමුද ඉවසා
නිස්සාර දෙස්පලු තාලම

දෙන්න දෙනා දෙනෝ
දෙස්පලු යකු විනෝ
උන්ට චන්ද දෙනෝ
අපට වෙනව විනෝ



ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Add caption




Sunday, April 12, 2015

The Sun


by Renton de Alwis

Showing your might
before you shift
one house to another
not much to brag
but old house blues
soon to move
let new house rock
let fair play reign
wisdom shine
like  erabadu  bloom
a kovula  song.


 
 
 

 

Friday, April 10, 2015

පිදුම

දුටුවද පෙරදා පායපු පුන්සඳ
ඇහුනද තත්සර බිඳිනා සෝ ගී
දැනුනද හීතල වැහි බිඳු හිම කැට
මතකද හදවත බිඳ ගිය කිනිහිර

ආ මග ගිය මග සටහන් කෙරැවද
යා යුතු යන මග නැකතෙන් පෙනුනද
සුල මුල වන්හුන් හොයලා බැලුවද
යායක අස්වනු හනිකට නෙළුවද

යනවද එනවද දසුනක දුටුවද
ගයනා ගීයේ සර බිඳ ආවද
හීතල හදවත උනුහුම් කෙරැවද
කිනිහිර මානය දවාන යනවද

බලමුද සරමින් මනසින් විනිවිද
විඳිමුද හරසර සිනහව මුවසර
හලමුද වස් දොස් වඩදිය ගෙන එන
පතමුද ආසිරි මිහිකත සරසන

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


Much needed Constitutional Reform - Amendment 19A

For intelligent discussion and understanding of what the constitutional amendment 19 A is, here are the original documents. I do not wish to insult your intelligence by giving my own view. Most of the time our politicians and even some of our media takes us on divergent rides, driven by vested interest. Beware of such.

Gazetted text - https://www.colombotelegraph.com/wp-content/uploads/2015/03/19th-Amendment-English-Gazetted-Bill.pdf

Supreme Court ruling -
https://www.colombotelegraph.com/wp-content/uploads/2015/04/SC-SD-4-to-19-of-2015.pdf

Let them Learn

Page 32, Ceylon Daily News of 08 April 2015


For the web link please click: http://epaper.dailynews.lk/?id=32&tday=2015/04/08

Wednesday, April 1, 2015

The fool I am

by Renton de Alwis

My day today

rejoice celebrate
to feel to call
to reach to seek
a morn has come
to brag to deal
in a fool's paradise
to want to rule
on a throne with crown
this day this dawn
it's yours to own.


A Google image



අවුල

හිත එතැන
මත මෙතැන
හිනාවෙන් වැළපීම
පසක් කල කලාවකි

සඳ පහස ලද කුසුම
හිරැට බියවී නිදන
රතින් මන්මත්ව සිඳ
පුදන්නට ගෙන ගොහින්

ගමන යන මන්මත්ව
නිස්සාර බව දැනී
හිතේ මත එක්කරන්
වැළපෙමින් හිනැහෙන්න.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්