Monday, December 17, 2012

ඹබේ ලොවේ සරසන්න

පවසන්න, පවසන්න
මුදු වදන් පවසන්න
සරසන්න, සරසන්න
මුවභසින් සරසන්න

හිස් වදන්, බොළඳ බස්
නොකියාම සැනසෙන්න
ඹබ ලොවේ හසරලින්
මගෙ ලොවත් සරසන්න

ආදරය, කරැණාව
ඹබ ගෙලේ පළඳන්න
සත් සිතින් මෙත් ගුණය
පුරා සිත වපුරන්න

සොබා දම් මවුන් කුස
තුරැලු වී නිදියන්න
අවදියෙන් විමසියෙන්
හැම දෙයම දැක ගන්න

සරන මග, සරසන්න
සිත් සතන් සනසන්න
මගෙ දුවේ, ඹබ ලොවේ
හැමදාම රජ වන්න.

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2012 දෙසැම්බර් මස 17 වන සඳුඳා කිවුල කිවසෙදි


 
 
 
 
 
 
 

 
සමන්ති දුවයි, මේනක දුවයි
 

No comments:

Post a Comment