Tuesday, December 18, 2012

ගැස්ම නැති ටීකාව ...

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2012 දෙසැම්බර් මස 17 වන සඳුඳා කිවුල කිවසෙදි

ලගන්නා වෙනසකට
හදවතේ ගැස්ම මිස
ටීකාව අනවැසිය.

ගැස්ම නැති ටීකාව
දහඩියෙන් නොසේදුන
නග්න සිරැරක් වැනිය.

නග්න සිරැරේ වැළඳි
ගඳ ගහන ටීකාව
දනන් හට වැඩක් නැත

වැඩක් නැති ටීකාව
සුවඳ දුම් හලාහල
දෙවොල මත වැතිර ඇත

දෙවොල වැඩි දෙවියන්ට
ටීකාව පසක ලා
ගැස්ම අරගෙන යන්න

දෙවොල වැඩි දෙවියනේ
සරණ ආ මිනිසුනේ
කඩතුරා ඉරන්නට

ඉරා විසි කරන්නට
දහඩියෙන් තෙමන්නට
තෙමා ඔප කරන්නට
කාළයයි දැන්!
 
No nonsense ...

No comments:

Post a Comment