Tuesday, December 18, 2012

පාප් තුමාට ලියා තැබු දැයක මහිමය පදවැල ...


පියේ මේකය දම්ම දීපය

මුතු බඳින්නේ අපේ මූහුදෙය
මෙහි බුදුන්ගේ පා තබා ඇත
වන්දනීයයි සිරීපාදය ...

රැයෙත් උදයෙත් මිහිරියාවය
එසේ රැව් දෙන සාදු නාදය
මෙහෙම ලස්සන වෙන රටක් නැත
ඇයට මූලු ලොව වුව පරාදය.
 
ගරැ මර්සලීනු ජයකොඩි පියතුමානන් 1970 දී, හයවන පාවුලු පාප් තුමන් සිරිලක් පොලව සපර්ශ කර ගිය විටක, සිරිලකේ මහිමය, එතුමන්ට සිහි කලේ මෙම පදවැල මගිනි. ජයකොඩි පියතුමන්, සාන්ත පීතරයේ මා සිසුවකු වූ කල, මට සිහළ අකුරැ කියවූ බව, පසුගිය දිනක මා ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන්ට, තරමක උජාරැවකින් කී විට, හෙතෙම මට මේ පද වැල ගැන කීවේ, ඉතා සංවේදී සිතකිනි. අප දෙදෙනාම ‘පන්සලේ පියතුමා’යයි අන්වර්ත නම් ලැබූ මගේ ගුරැ පියානන්ගේ මේ තරමක් අප්‍රකට පදවැල මිනිසුන් අතරට ගෙන යා යුතු යැයි පිළිබඳ එකඟ වීමු. ඒ ජාති, ආගම් අනුව බෙදී, පටු කල්පනාවන් මත අදීනව වැඩ කරන, සමහරෙකු හෝ සිටිනා රටක, තිරසාර සාමය පිළිබඳ අප සිහින සැබෑ වීම, කල් යා හැකි බැවිනි. පාසල අවසන් වූ පසු මා, දෙහිවල, කරගම්පිටිය පන්සලේ, එවකට වැඩ විසූ දික්වැල්ලේ ධම්මාලංකාර ගුරැ හාමුදුරැවන්ගෙන් ‘නම් පොත’, ‘ප්‍රත්‍යක්ෂ ශතකය’ වැනි ග්‍රන්ථ හා බෞද්ධ ධර්ම ග්‍රන්ත ඇසුරැ කල බව ඇසූ ජයකොඩි පියතුමන් එදා, මහට ‘ඇබිත්තයා’ යයි නම් පටබැඳි පාසල් මිතුරන් අබියස, මා කරනා දේ අගය කල සැටි, මා සමරන්නේ මහත් ගුරැ බැතියෙනි. මා මගේ ගුරැ දේවයන්වහන්සේ දෙපලටම නිවන් සුව පතමි!
 
 

1 comment:

  1. මම ආදරය කරන, ගරු කරන පියතුමෙක්.. දේශීය බසට, සිරිතට විරිතට, සම්ප්රලදායට ආදරය කළ ගරු කළ මෙවැනි පියතුමෙක් තවත් නෑ...

    ReplyDelete