Monday, March 31, 2014

බරපොදි දරනා ඔබට

වුවණ සඳසේ සහන සටහන
කෙටූ ළඳුනේ නගන හසරැලි
පවන වන් මුදු බසින් සනහන
කොමළ දැහැනින් දිලී නැහැවෙන...
අඳුරැ බිඳ වට විදුලි රේඛා
මුවැත්තිය සිත සසල කෙරැවද
නිවන බිඳ නැගි ඝගන ගෝෂා
සිතේ කම්පා රළ නැඟූවද
විහඟ තටු පිරිමදින පවනට
රහස් මුමුනා කියා දුන්නද
ඔබේ හදතුල දැවෙන ගිනිදැල්
නිවාලන්නට ඇහැකි වූවද
දිවිමගේ විඳි සියලු පීඩා
පොදිබැඳන් කිම රැගෙන යනවද
සහන හූයෙන් වියූ සළු පිළි
මුදුව ඇඟවට ඔතා ගත්තද
යන්න යන මඟ නැවත නොබලා
වටන මද වැසි දියෙන් තෙමිලද
මෙතෙක් වන් දුක් නොපිට පෙරලා
සතුටු කඳුලක රසය වින්ඳද
වෙහෙස ගෙනෙනා ගමන නවතා
මදක් නැවතී ගිමන් හැරියද
සසර මග වත මෙනෙහි කරලා
දිනිය යුතු මග පෙහෙලි කෙරැවද?

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


A google image from the actingcompany of Bertolt Brecht's play Mother Courage 

Monday, March 24, 2014

Of human bondage

by Renton de Alwis


To let go
hold... just once
like a firefly would
light this dark lonely night
spread your wings
let glow your might
to let go hold,
just this once.
 
A shared Google image
 

Friday, March 21, 2014

Of peaks


by Renton de Alwis

That peak...
is as distant, as gruesome
as my mind wishes to see it.



A Google image, Project Himalaya
 
 

සරන මග වත

රන් හුයෙන් බැඳුනාට
රන් කොතලෙ බීවාට
රස වදන් කීවාට
කිරැළ හිස දැරැවාද

මල් සෙයින් දුටුවාට
ඹබරැ පැණි බීවාට
මඳ සුළඟෙ සැලුනාට
මලෙක සිරි දැරැවාද

මියුරැ සර බින්දාට
යස රැඟුම් පෑවාට
බෝනෙතින් වින්ඳාට
සිත්හි සොව පහ වීද

මහාකම් කෙරැවාට
විකුම් සර විද්දාට
කුළුණු ගුණ අඩුදාට
එකම් මොන වැඩ වේද

තෙද වරම් නැතිදාට
විහඟ ගී නැතිවාට
සිල්ප නැණ ආවාට
හිරැ තෙදින් එළිවේද

සඳ වුවණ දිලුනාට
සොමි ගුණය මඳදාට
අඩ අඳුර දිනුවාට
සොඳුරැ මං හෙළිවේද


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
 

Friday, March 14, 2014

ඔබ

තනි තටුවෙන් පියාඹන ඔබ
පහත් හඬින් ගී ගයනා
දද පයින් රඟනා ඔබ
සිහින සැබෑවන ලොවක් පිළිබඳ
සොඳුරැ සිහින දකිමින් හඹායන විට
නන් වර්ණ සමනලුන් හට
කීවාද සිතැඟි ඔබ?


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

To you

by Renton de Alwis

You fly...
but with one wing
you sing ...
your voice picthed low
you dance...
in pain with twisted knee
you dream...
of a world where dreams come true.