Sunday, January 13, 2013

සුන්දර ඉරිදාවක් - Sunday


සුන්දර ඉරිදාවක්
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි 13 වන ඉරිදා උද කිවුල නිවසෙදි


ඊයෙ වැසි පෑල දොර නොකියාම ගොහින් ඇත
වළා බිඳ හිරැගෙ ඔද සීරැවෙන්       පැමිණ ඇත
ලස්සනයි අද උදේ            නිලට මල් පිපී ඇත
දෙන්න මට හාදුවක් ඉරිදාව            ඇවිත් ඇත

ඉස්කෝලෙ නැති හින්ද පොඩි උන්ගෙ චිරි චිරිය
සෙල්ලමට ලෙල්ලමට          දඟකාර අඬහැරය
බලා ඉන්නට ඇහැ           විඳින්නට මනහරය
ඈත සිටිනා දුවණි               ආව මගෙ මතකයට

ඉරිදාව තවම නැහැ      ඔබෙ ඉමට පායලා
හෙනහුරාදාව       ති  හීතලට ගුලි වෙලා
දීපාන්කරෙ ඉන්න       ඔබ මතක පාවෙලා
ඉරිදාව ඇවිත් ඇත       ලස්සනට හිනැහිලා


Sunday
by Renton de Alwis

It's Sunday...
new dawn
lotus blooms
open slowly
worship
soft rays
fall
clouds filter
yesterday's rain
dew drops
shine
daughter!
your
Saturday night
blues
my Sunday!
your Sunday!
dawn
thoughts
of you
lovely
soft clouds

skies blue.

ද්විභාෂක නවි - Bilingual Verse 9
Daughters
Pix credit: Bharatha Naottunna 
 

No comments:

Post a Comment