Tuesday, January 15, 2013

නාය යෑම

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි 15 වෙනිදා උද



සොබාදම් මව් කුසට වින කොට හිතන්නට බැහැ   හොඳින් ඉන්නට
දිගන මිහි බට නාය යන්නේ හේතුපලදම                    පල දරන්නට
කරන කාරණ හොඳින් නරකින් තමන් පසුපස              හඹා එනවිට
නාය යන බිම් සමග ගේදොර මිනිස් මනසද සිතද            එක්කොට

රටක නීතිය හැමට එක ලෙස බෙදිය යුතු බව      මෙනෙහි කරනට
හිස් වදන් මදි කරන කාරන වලින් පෙන්නා              රට කරන්නට
පහලවන්නට යහ සිතුම් වැල් දන දනන් හිත්              නිවාලන්නට
පතන්නෙමි මම පහන් සිතුවිලි නායයන්නට       ඉඩ නොදෙන්නට

කරපු පව් ඇත කරන පව් ඇත සිත් සතන් දන                පෙලාලූවද
හිතක් ආවද දනට ලොල් වී නිදන් වුනු දෑ                  හොරාගත්තද
නාය ගිය බව ඹබේ යහගුණ කොහොම හඩඟා          අප කියන්නද
එපා දෙන්නට නාය යන්නට දම් දිවක සිරි            ඟා නොම හෙද
 
 
A Clicker.com image in the public domain
 

No comments:

Post a Comment