Thursday, January 10, 2013

ජීවිතේ ලස්සනයි

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්

කොළඹ ඉඳන් ගාල්ලට
ආවෙ අධිවේගෙ
ට්‍රැෆික් නෑ බේරේක් නෑ
ඔහේ යනව සමහරැ ලයිට් දා ගෙන
දවාලෙත්
එඩී ජයමාන්නගෙ කාල මනප්පුද කහෙද
පාගල ගියෙ හැටට හැටේ
දැන් තව හතලිහක් එකතු වෙල
සමහරැ ඊටත් එහා පාගලා යනව
රැපියල් වලින් හාරසීයයි
ඒක වැඩි වෙල නෑ බජට් එකට
ඉස්සෙල්ලවත් පස්සෙවත්
බස් එකට කොහොමද දන්නෙ නෑ
සුඛෝපබෝගීව යනව

ජීවිතය සුන්දරයි
පරිසරය ලස්සනයි
සමහර මාමලා මුලදි කිව්ව වගෙ
හැප්පිලා මැරෙන්න දැන් බල්ලො නෑ
උන් එක්කො දෙව් ලොව
ඉන්න උන් එඩුයිකේට් වෙලා
මාර්ග නීති රීති ගැන
හෙම නැති කුරැල්ලෙක්
පාර මැද්දෙ මැරිල

හිතුන නවත්තල ලස්සන තැනක
පින්තූරයක් ගන්න
අරගෙන හැමෝටම පෙන්නන්න
ලස්සනට එල්ලන්න
බෑනෙ! "නෝ ස්ටොපින් නෝ ටර්නින්"
මෙව ඒව වගෙ නෙවි තියෙන්නෙ
වැඩ තියන අයට සුන්දරය විඳ ගන්න
ආවට ගියාට හිතෙන හිතන වෙලාවට
නවත්තන්නෙ වැඩක් නැති උන්
ලයිට් දාගෙන
තව වාහන පිරිවරාගෙන යනව
වැඩ අධික අය
ඒ හින්ද නවතන්න බැරි උනාට
දුක් වෙන එක හොඳ මදි

ආවා ඔන්න ගාලු පාරට
යථාර්තය හයියෙන් කම්මුලට
දුන්නා පාරක් රතු වෙන්න
සුන්දර ජීවිතය රත් වුනා ටිකකට
බ්‍රේක් හොන්, උඹට කලින් මං
අත්ථකිලමතානු යෝගය
වගෙ අයින් කරන් ඉඩ දුන්න
ඉස්කෝලෙ යන පුංචි උන් බහිනව
කාණුවට
බයේ මාමලට
පරයල යන කොට
පුතේ! මෙන්න පාසලේ උගන්නන්නෙ නැති
ඉගෙන ගෙන හලන්න ඕන
පාරෙ අධ්‍යාපනේ

ජිවිතය සුන්දරයි
සංචාරක සුද්දො
එහේ නැතුවට මෙහෙදි
මේවාට හුරැවෙලා
යනව ගානක් නැතුව
පාරෙ අයිනට වෙලා
හිරැගෙ උනුහුම විඳින
ජීවිතේ සුන්දරයි
හීතලට රත් වෙන්න එහෙදි
ගෙවන ලයිට් බිලට අඩු
නිවහනේ ගාස්තුව
පාරෙදී විඳින අසහනය
මතකයෙන් බැර කරයි
ආදරෙන් අතිනතින් අල්ලගෙන
යන සරිය සුන්දරයි
ආර්ථිකයට අපේ
කොල ඩොලර් එක් කරයි

වැලිගමදි නවත්තල
පොඩි උන්ට ගත්ත
පාට පාට සෙල්ලම්
හට්ටි මුට්ටි ලස්සන
ඇත්තටම ලස්සනයි
"
ගහන්නෙපා පොඩි දෝණිට
බනින්නෙපා"
මතකද
වික්ටර් මාමගෙ ලස්සන සිංදුව?
මේවා දුන්නම උන්ගෙ මූණ දැක්කම
ජීවිතය සුන්දරයි
ජීවිතේ ලස්සනයි.

ලිව්වෙ ඊයෙ කළඹ ඉන් විත් අද 2013 ජනවාරි මස 10 වන  බ්‍රහස්පතින්දා උද
 
රැව - ගූගල් ඉමෙජ්

2 comments:

  1. ලස්සනයි.. අපුරුවට කිරල මැනල ලියු කවියක්.. අධිවේගය තුළ නැති ජීවිතේ සුන්දරත්වය ඔබට හමුවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට පින් කියාපු කතාවට! රෙන්ටන්

      Delete