Wednesday, January 2, 2013

අද පටන් ගන්නවා ...

2013 නව පාසල් වාරෙ පටන් ගත්ත අද දවසෙ කිවුලෙ නිවසෙ ඉඳන් කල රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
ආණ්ඩුවෙ ඉස්කෝලෙ
අද පටන් ගන්නවා
ආණ්ඩුවෙ නම් ගහපු 

පැතුම් කොල එක්ක දුන්
පොත් පත්ද ෂර්ට් එක  
කලිසමද දරා ගෙන
පංතියට ඇදෙනවා

අකුරැ කරනට හොඳට
උනන්දුව තියෙනවා
බඩගින්න ඉහ වහල
කලන්තය දැනෙනවා

තාත්තගෙ රස්සාව
ඊයෙ කෑ පිඟානෙම
හිනාවී බොඳ වුනා
අම්මා අඹරැපු ලනුවෙ
හයිය හොඳ දැයි බැලුව
අක්ක එල්ලී මියැදුනා

මල්ලි එක්කලා මං
ඉස්කෝලෙ යන හින්ද
බලාපොරොත්තුවෙ හීන
අපෙ පැලෙත් දැල්වුනා

ගිය වාරෙ ගුරැතුමිය
අදත් මගෙ පංතියට
පත් වෙලා නම් ඉන්නෙ
මගේ බඩගින්නෙ දුක
අමුතුවෙන් විඳින්නට
තව තවත් දවන්නට
ඕන වෙන කක් නෑ

මල්ලියට මං එක්ක
පාසල් යන්න
ොඳ දොහක් එළඹිලා.



2013 ජනවාරි මස 2 වනදා



සේයා රැව: සෝමරත්න දිසානායකයන්ගේ ‘රජ සිරි රජ’ චිත්‍රපටයේ දසුනක්


No comments:

Post a Comment