Thursday, January 10, 2013

කවියකුට මා ලියු කව් පද දෙකක්

මා ලියු නිසඳැසක්, සඳසක් ලෙස ලිවිය හොත් පමණක් පළකල හැකි බව දැන්වු කවියකුට මා ලියු කව් පද දෙකක්

සඳස් කවි ලියත    හැකි
අරැම වැඩ කරත    හැකි
සොඳුරු බව රකිත  හැකි
විලංගුවෙ ඇයිද      සකි


කවි සිතක පිපෙන කුසුමක්           මෙවන්
මැන බලමු මාත්රා ඝණ දනස     සනිටුහන්
වේල්ලට හසු වෙලා උඩු දියට දොස්  කියන්
බැහැ ඉන්න හැමවිටම නිදහසට කැට තියන්


(කලින් වූ යවහන් දොසක් නිදොස් කර)

No comments:

Post a Comment