Wednesday, January 9, 2013

Backlog of Blogs of past three days ....

I was unable to post my blogs while I was away from my home. That is because I did not know how to do it from an iPad. I did post some of this on the FB. My apologies and want you to know that I am back.

ද්විභාෂක කවි


ගෙන්දගන් පොළොවෙ කරක් ගානා ගමන්...

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි මාසෙ 7 වෙනිදා කොළඹ මිතුරෙකුගෙ නිවෙසෙ ඉඳන්.

ඊයෙ උදේම ආව කොළඹ
නාලකත් එක්ක
නැති ඕන කම්
ඇති වෙනව ආවම

දරා ගන්නට ඕන
මැජික් වැඩ ටික
හදාගන්න ඕන
කාර් එකෙ බේරේක්
ලයිට් එකක් නිවෙන්නෙ නැතුව
පත්තු වෙනව,
ඒ ඇත්තනගෙ කොම්පුටරයට දාලා
බලාගන්න ඕන මොකද කියලා
බේරේක් නැතුව
ගෙන්දගන් පොලොවෙ
යන්න හොඳ නැහැ, ලිස්සනව

ආසිරියට ගිහින් හෙට
උදෙන්ම දෙන්න ඕන ලේ
රටට ජාතියට නෙවි
එතන නරස් නොනගෙ
ඉන්ජෙක්ෂන් බටේට
එතකොට හෙට
දොස්තර නෝනට කියන්න පුලුවන්
මගෙ සිස්ටම් එකෙ
ගුණ අගුණ ඵලාඵල

එච්චරක් විතරක් නෙවි
දැන් කාලෙකට දැක්කෙ නැති
තාමත් මාත් එක්ක උරනවෙලා නැති
යාලුවො බලන්න යන්නම ඕන
ටීවි එකෙ දාන්නෙ නැති
පත්තරේ කාටුන් වල නැති
කොළඹ ඇත්තො විතරක් දන්න
හියුමන් රයිට්ස් වලට වෙන
විනේ ගැන දැන ගන්න
අහන් ඉන්න ඕන
අරැමෙ මෙහෙ එහෙ වගෙ නෙවි
හැම තැනම එකම සින්දුව
වෙන සින්දු නෑ වගෙ හරියට

බඩගින්නෙ අඳෝනාව
ගං වතුර සුළි සුළං ඇවිත්
අත විතරක් නෙවි
කැරකිලා
හොඳට පයත් දිග ඇරලා
අංගන් පොර ගහලා
හිරි අරන් ගිය
ඈත වන්නිකරේ
ඇත්තන්ගෙ බත්පතට ඇනලා ගිය
වින්නැහිය පැත්තකින් තියලා
ඉහ උඩින් තියාගෙන ඉන්න
දෝෂාභියෝගයේ මල්වට්ටියට
අත ගහල පොල්
ෂූවර් එකට බිඳූනෙ නැත්තන්
කැමරාවට හොඳ මදි හින්දා
බෝධි පුජාවක් තියලා
රට කරන ඇත්තන්ට
වැඩි වැඩිය ලැබෙන්නට පින් දීලා
මේ දවස් වල හැන්දෑවෙ
පාරවල් වහලා රටින් පාට පාට
කාර් ගෙනත් කරන යාග බලි තොවිල්
නැති හින්ද බලන්නට
බේස් බෝල් ගහන්නට තාම
දන්නෙ නැති හින්ද
ඔය ඉඳලහිටලා දොස් කියලා
ඒ රටේ ඈයන්ගෙ සෙල්ලම
අපේ එල්ලෙ ගහන උන්
හොඳට දැන ගෙන හිටි බව
සරසවියෙ ඇදුරෙකුගෙ
රිසච් බුද්ධිපතයට තාම
ගෝචරව නැති හින්ද

අන් අයට වෙන වින මොන උනත්
මෙහෙ අයට වින නැතිය කියලා
විශාරද උත්කෘෂ්ඨ නැකත් කාරයො
කියනා හින්ද කියලා ඒවා
ටීවී එකෙත් දාලා
බොරැ වෙන්න බැරි වෙන්න
ලස්සන දැවටුමක ඔතල
ගරිල්ලා මාර්කටින් කරන හින්ඳ
ආටක නාටක
බලන් ඉඳලා වෙන අමුතුවෙන්
කරන්න දෙයක් ඉතුරැවෙලා
නැති හින්ද

මේවා ඔක්කොම ගැන
හොඳට හිත හිත ඉන්න
කියවන්නෙ නැති
හිතන්නෙ නැති වටේට ඉන්න
ඈයන්ගෙ ප්‍රසශ්ති වල
මිහිරියාවේ උද්දාන ආනන්දයෙන්
මත් වෙලා ඉන්න මාමලාට
තවත් වීනා ගයන්න
ඕන කමක් නැති හින්ද
යන්න ඕන ආයෙත්
මගෙ පුංචි ලෝකෙට
වැජඹෙන්න.

 

ද්විභාෂක කවි - Bilingual Verse 7

Jammed -  හිටු හිටුවන

Jammed

Twenty past seven last morning
stuck in Colombo's traffic
taking the stares of
uncles and aunts
and blasting horns

I said to myself
Thank you! Development.

හිටු හිටුවන කවියක්

ඊයෙ උදේ ඉස්කෝල
පටන් ගන්න ටිකකට කලින්
පරයලා යන්න හදන
ඒත් එකම තැන ඉඳන්
කන පැලෙන්න හෝන් ගහන
මාමලයි, නැන්දලයි දැකල
මට හිතුන

අනේ අපොයි ! සංවර්ධණය කියලා

අද උදේ ලිව්වෙ
මුර්තජ ණයන්න දාලා.

by Renton de Alwis
in Colombo, Wednesday 08 January 2013.

ලිව්වෙ රෙන්ටන් අල්විස්, කොළඹදි
2013 ජනවාරි 08 වැනිදා උදේ.

 
A bouquet for Handagama

by Renton de Alwis
 
Cleared of all my ills
not really, but
my doctor's orders
a 'new' phone
erased of
past
rear right sensor
braking car
stop
thank you
fake reality
saw 'Iniavan'
of lies life living
war what war ?
his
then now after
'Api jeewathwemu '

Canadawe mallilata
kudu gena mamalata
no fences
Palmyrah
otherwise
stark reality
life living
race cast creed
slap in the face
big billboard
‘Jeewathe Lassanai’

how big lies
brakes traffic
good friends
'Mouse'
one for the road
two for the day
movies
focused light in a dark
fake hope
come recommended
it's official
Suruyawawe kollannta
mageth Pranamaya!

all's well that ends well
is it?

Thank you! Asoka
for the spin
am still spinning
in the cesspit
of reality
stark true bare
i like that
keep me spinning
will free fall
typhoon winds
fly with one wing


Written just before leaving the big city on 09 January 2013, returning to reality having seen my doctor and two movies the same day, yesterday. Thank you doctor, thank you garage mama, thank you Moragoda, thank you Handagama! for enriching my life.


 

 Pic credit: Google image

No comments:

Post a Comment