Thursday, January 3, 2013

විවර කල ජනේලය

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්

හෙන්රිගෙ නාටක කන්තෝරැවෙ
ජනේලෙට වැඩිය වෙනස්
ඇතුලෙන් එලියට වඩා
එලියෙන් ඇතුල බලන
අපේ ජනේලය
ඇරලා ඇත
වහලා නැත
ජනෙල් රෙද්දක් තිබුනට
දිරලා කඩමාලු වී
කොනට ඇද ගැටගසා ඇත

ඇතුල බැලුවට බලන්න දෙයක් නැති
එලියෙ බලන්න ඕන තරම් දේ ඇති
පුටු පාලයන් මුරට දා නැති
අපේ පරණ වුනු
පරණ නැති
ඇතුලෙ බලබ් එක පත්තු වෙන
විවර කල ජනේලය

කිසි වැඩක් නැතුව
ඔහේ බලන් ඉන්න
අන් අයගෙ කුතුහලය අවුස්සන්න
අවුස්සලා
කිතිකවන්න
පින්තූරයක් වගේ වැජඹෙන
කවුලුවක් වුනු ජනේලය

හිස් මිනිස් මොළ හොඳටෝම
අවුස්සන අවුස්සලා
ඇරලා තිබුනට මොකද
ඇතුල මැන බලන්නට
එලියෙ ඉඳන් මාන බලල
හැමෝටම හොඳටෝම
දොස් කියන
දනන් මන පිනවන
විවර කල ජනේලය

දහ ජරාව කන ගෙනත් පුද දෙන
යස බලා අන
ේ අපොයි කීවාට
ඉන්
එහා මොකක්වත්
න
ොකියන
න
ොකරන
රටට දැයට ගී ගයන
බයිලා නටා ගයා වයන
කියනද
ේ සීරැවෙන් අසන
අසා සැනසෙන
ජන
ේලය
ඔබ
ේ නෙවි අපෙ

එන්න විත් බලන්නට
බලා රස විඳින්නට
ජනේලය අත වනන විට
අත වනා සිනාසෙන විට
සිනා සී සතුටු වෙන විට
සතුටු වී සිනාසී

කලින් ඔහෙ නිකන් ආවට ගියාවට තිබුන
ජනේලය අලුත් වෙන විට !

 
තවත් ජනේලෙකින් බලන් ඉඳන් ලිව්වෙ 2013 ජනවාරි මස 03 වැනි බ්‍රහස්පතින්දා
 
 
Pix credit: Self

1 comment:

  1. එන්න විත් බලන්නට
    බලා රස විඳින්නට
    ජනේලය අත වනන විට
    අත වනා සිනාසෙන විට
    සිනා සී සතුටු වෙන විට
    සතුටු වී සිනාසී
    කලින් ඔහෙ නිකන් ආවට ගියාවට තිබුන
    ජනේලය අලුත් වෙන විට !

    Very sweet...!!!

    ReplyDelete