Wednesday, January 16, 2013

ඔබ හා සොඳුරැ තවත් දවසක්

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි 16 වෙනිදා උද


වත්ත අබියස වතුසුද්ද මල් උන්ගෙ යාදිනි         කියනවා ඇත
ඇසුනු නෑසුන පිච්ච සුවඳින් සේම පත්තිනි          රඟනවා ඇත
සරස්වතියට අත වනා ගෙන කුඩාවුන් සුද           පැතිරිලා ඇත
ඈත කලපුවෙ මොනර කුමරකු සෙබඩ කුමරිය     පිරිවරා ඇත

සරණ සහනට පහන් හිතුවිලි තණ අගට වී              රජ වෙලා ඇත
ලේන් පොඩ්ඩෙක් තවත් එකෙකුව හඹා සෙල්ලම්  පෙන්නලා ඇත
නෙලුම් මානෙල් යසට පිපිලා පොකුණ මත පෙම් රැඟුම්     පා ඇත
හිරැගෙ විස්කම පෙන්නලා ඇත තණඟ පිණි බිඳූ         වියලිලා ඇත


මා ගත් රැවක්

No comments:

Post a Comment