Thursday, January 31, 2013

විහඟුනට ගැයූ යාදින්නක්


සිතැ
ඟි පියුමන් පිපුණු උදයක ගයන ගීයක       මිහිරියාවය
සහන් සිතුමන් විහඟ තටු මත සරා නළවන ළඳුන්     රාවය
ඉරා බැඳි සර කිරණ හිරැ රැස් තණඟ පිණිබිඳු සලා    ලාවය
රඟන රැඟුමන් මියැසියන් කැල පහන් සිතුවිලි අරා   සාවය


හිරැගෙ සියුමැලි සිසිලසක රඟ උදය මොනවට    කියා දුන්නද
නැගෙන සැර රැස් මගක එන බව සසල හැඟුමක    පහල වූවද
යන්න එන බැව් කියා සිටිහෙද මද්දහනෙ දුක       දරා උන්නද
ඉන්න මොහොතක් සරන විහඟුනි මියැසියන් රඟ නුරා බිව්වද

 
රෙන්ටන් ද අල්විස් පබැමක්
2013 ජනවාරි 31 වැනිදා උද
 
Free Google image - Freebievector
 
 
 

No comments:

Post a Comment