Tuesday, January 22, 2013

ඉර්ෂාන්ගෙ කතාව


ඔහු මා හඳුන ගත්තෙ
මගෙ පොඩ්ඩක් වුනත්
,
නිතර කපල, පිලිවෙලකට
තියන කොන්ඩෙ හින්ද
.
ඉර්
ෂාන්, මගෙ කරනවෑමියගෙ නම
අපි හමුවෙන්නෙ,

හම්බන්තොට ඉර්ෂාන් සැලොන් එකේදි.

කලක සිට බැඳි පෙමකින් වෙලිලා
ඔහු කරකාර බැ
ඳලා තියෙන්නෙ
අසල්වැසි සිංහල තරැණියක.
මා දන්න, ඇසුව, තරමට
එයාගෙ පෙම්වතිය-නෝනගෙ
ධ්‍යාපනයට
විශ්ව වි
ද්‍යාලෙ, විද්‍යා
බාහිර උපාධියක් ලබාගන්න,
ලබාගෙන රජයේ කන්තෝරැවක,
රස්සාවක් හොයා ගන්න
ර්ෂාන් කොන්ඩ කැපුව,
කොන්ඩ කපල ජීවිතයක් හැදුව.

අවුරැදු දෙකකට විතර පස්සෙ
කාලෙකට,
ඉර්
ෂාන් සැලොන් එක
වහල තිබුන
,
මාසයක් විතර.

මගෙ කොන්ඩෙ වැවුන.

ආයෙමත් සාප්පුව ඇරැනම
මා ගිහින් කරනවෑමි පුටුවෙ වාඩි වෙලා ඇහැවුවම
ඇයි සැලොන් එක
වහල තිබුනෙ කියල
ඉර්
ෂාන් ඇඬුව.
"බලන්න මට වුන දේ" කියල
කතාව කිව්ව
ඉර්
ෂාන්ගෙ පෙම්වතිය,
ඔහුගෙ බිරිඳ
, ඔහු හැරදා ගිහින්
අවුරැදු පහමාරකට පස්සෙ

ෆේස් බුක් එකෙන් හඳුන ගත්ත
අළුත් පෙම්වතෙක් එක්ක
.
ඉර්
ෂාන් දුක් වුනාලු
වැඩට එන්න
, කඩේ අරින්න
හිතක් දුන්නෙ නෑලු
.

ඉර්ෂාන් හදා ගන්න මහන්සිවුනු,
හීන මවපු
, ඒ ලස්සන අනාගතේ
හොරැ අරන් ගියාලු.

ඉර්
ෂාන් බැගෑපත් උනාලු.
ඒ සම්බන්දෙ නවත්තල
හිත එකලසක් කර ගන්න
කියල ඇයට කීවලු.
ඒත් ඒව ගනනකටවත් ගත්තෙ නැති හන්ද
ඉර්
ෂාන් ඇයට සුබ පැතුවලු,
එයාගෙ ආගමේ විදියට පල්ලියෙ
වැඩිහිටියන්ට දැනුම් දීල
,
ඇයට සමු දුන්නලු.

තව මාස ගානකට පස්සෙ
දවසක මම කොන්ඩෙ කපා ගන්න ගියාම ඉර්
ෂාන් මට කීව
එයාගෙ දෙමව් පියො එයාට
බිරිඳක හොයල තියෙනව කියල
කොළඹ පැත්තෙ ජා ළමයෙක්
ලබන මාසෙ මඟුල
මටත් කිව්ව
කොළඹ හින්ද මට
යන්න බැරි වුනා.

ඒ ගොල්ල ආයෙ හම්බන්තොට
ආවට පස්සෙ
, මම ඒගොල්ලට
කෑම ටිකක් කන්න අපෙ ගෙදරට
ඇරැයුමක් කලා
.
ඉර්
ෂාන්ටයි, එයාගෙ අළුත් මනමාලියටයි.

ඊයෙ හවස ඒ දෙන්න ආවා,
ආවම තුන් දෙනයි.

තුන් වෙනියා
අෂ්රා
වයස අවුරැදු හතරයි
දඟකාර හුරැ බුහිටි
කෙලි පොඩ්ඩ
.
ඉර්
ෂාන්ගෙ අලුත් මනමාලිගෙ දූ.
එයාගෙ කතාව
ඉර්
ෂාන්ගෙ කතාවටත් වඩා ශෝචනීයයි, කටොකයි.
දූ පොඩ්ඩ
,
ඉර්ෂාන්ගෙ ඔක්කට වෙලා
'ඩඩා' කියලා ආදරෙන් එයාගෙ
මූණ අතගාලා
,
එයාගෙ දිහාට
, ඉර්ෂාන්ගෙ අවධානය
ගන්න හදන විදියයි,
ඉර්
ෂාන් එයාට දැක්වූ ප්‍රතිචාරයයි
දැක්කම මට හිතුන...

ඉර්ෂාන් නම් වූ ඹහුගෙ...
මගෙ බාබර් මිත්‍රයගෙ
මනුස්සකම
කොයිතරම් උත්තම කියල.

 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි මස 21 වන සඳුදා.
අද පළ කලෙ ඉර්ෂාන්ගෙන් අහල, අවසර අරගෙන. නම් ගම් වෙනස් කරන්න මට ඹ්න වුනත්, ඉර්ෂාන්ට ඹ්න වුනා ඒයාගෙ කතාව, ඇති සැටියෙන්ම මා කියනව දකින්න
.



ගූගල් ඉමෙජ් ඒකක්

No comments:

Post a Comment