Saturday, January 5, 2013

සහන ඉම ...

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්


ලස්සනට ගී ගයා සොඳුරැ ද ගැන කියා
හිත ඔබ
පිනවන්න පිනවලා සනසන්න
සනසලා නලවන්න නලවලා සනසන්න
හැකි වුවද
මා නකරන්න


සහන ඉම ඉක්මවූ 
හරි සිත් විලක
පිපුන නෙලුමක් ගයන ස
ෝක ගීයක මිහිර
අහන්නට විඳින්නට විඳින්නට අහන්නට
ඇවැසි වුන නියා මා එසේ කරන්නේ

කුඩා එකෙකුගෙ අතේ තදට ගුලි කර ගත්ත
අසල වැතිරී උන්න අම්මගේ පෙරෙත්තෙට
අත්ල හැර පෙන්නාපු පෙන්නලා ගිල දාපු
බඩගින්නෙ රොටි කෑලි මා නිතර දුටු නිසා

අසල මැඳුරේ දරැවා බඩගින්නෙ රොටි කාපු
මඟට වුන් දරැව දැක අතක් වනනා විටදි
දුව ඇවිත් ආයම්මා දරැවා ඩැහැ ගෙන ගිහින්
මැඳුරෙ සාලය මැද්දෙ තිබ්බ හැටි දුටු නිසා

ඇවිලුනද ලොව දවන යුද ගිණිද මහ විනද
සැරසුනද බල බලය පතුරවා හරින්නට
මගෙ සහන ඉම එයට දෙදරවන්නට නොහැක
දෙදරවා උතුරන්නෙ පොඩි උන්ගෙ බඩගින්න

 
ලිව්වෙ 2013 ජනවාරි මස 05 වන සනසුරාදා උදයෙ.
Google image
 

No comments:

Post a Comment