Thursday, January 24, 2013

මගෙ ලොකු පොඩි ලෝකෙ ...


කාව්‍ය එයාගෙ නම.
හයයි වයස.
ආදරේට අපි එයාට
කියන්නෙ 'පොඩි'

ලඟදි දවසක පොඩි,
වත්තෙ සමනලයෙක් සතුටින්
පියාඔනව දැකල
මට කිව්වා,
"
මටත් එයා වගෙ
පියාඔන්න ඕන" කියල

තව චුට්ටකින්
තවත් ටිකක් හිතල
කිව්ව, "නෑ ...
අහස් යාත්‍රාවක් වගෙ" කියල

මං කිව්ව
"
පොඩිට ඇහැකි.
හිතන්න තටු ආව කියල"
ටිකක් හිතල
ඇස් ලොකු කරලා
මා දිහා බැලුවම
මං දැනගත්ත
එයාගෙ පුංචි හිතෙන්
පියාඔන්න එයාට
ඇහැක් බව...
එතකොට මං
සතුටු හුස්මක් හෙලුව.



ලිව්වෙ රෙන්ටන් අල්විස්, 2013 ජනවාරි මාසෙ 23 වෙනිදා
රෑව: ගත්තෙ මම
 

No comments:

Post a Comment