Monday, January 21, 2013

නිඳි නැති රැයක


නිඳි වරන්නට එපා කිසිවිට
සිතැඟි සමහන් කල යුතුව ඇත
සබඳ ඔබ දිනු ඔබේ ලෝකයෙ
බිඳක් විවරව තිබෙන ඉඩකට
ලියනු, කියවනු හිත්හි සටහන්
වෙලා තිබෙනා කරැණු කාරණ
කියනු මැන ඔබ පසෙක ලා ලන
හැඟුම් විහඟුන් පසු හඹා යන.

සිතක සංකා මකාලන්නට
එබී බලනෙමි කවුලු දොර හැර
දකින කියනා පහන් හිතුවිලි
ඇඳී මැවෙනා සහන් සිත් රෑ
නොකියනා බස් කියා ලූ සේ
මහඟු සිතුවම් මවා ලූ විට
ඇතිද අවසර, ඇතිද අවසර
පියාඹන්නට මනස් කුස තුල ?

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි මාසෙ 20 වෙනිදා
 
Google image
 

No comments:

Post a Comment