Friday, January 4, 2013

තොප්පි දා ගත්ත පාට කණ්නාඩි

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්

පාට කණ්නාඩියඟේ අරැමය
දාත්තම
පේන්නෙ ඔක්කොම
ඒ පාටටම පාට වෙලා අඳුරැ වෙලා
ගලවන්න තියන අමාරැව ගැන
අනේ අපොයි කියලා වැඩක් නෑ

පුංචි වැස්සක් වැහැල උනත්
ජාති ජන්මෙට දේදුන්නක් පායනවා
පායලා යස  රඟට රටම පිනවනවා
දකින්න හඟින්න පිනක් නම් නෑ

ඒත් ඒකට මොකෝ සාක්කුව පිරෙනවා
අකලට වට වැස්ස වගෙ ඉතිරිලා ගලනවා
ගරැ නම්බු බුහුමනින් පිදු පදවි ලබනවා
අන්ධ වී මන්ද වී වැජඹෙන්න ලැබෙනවා

ලෝවැඩ සඟරාවෙ කවියෙ කිව්වා වාගෙ
“කුමටද කා බී නිති සැරසෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ”
කවදා කොහොම මේක තේරේවිද මන්දා

නිදා ගන්න වෙලාවට කණ්නාඩිය ගැලෙව්වම
හිතේ ඇති අසහනය නිදි වරාලන හින්දා
කටට ගත් මීවිතත් නිරස රස වුනු හින්දා
හෙට උදේ පාන්දර නැවත දා ගන්නවා

රජවුනත් බලු වුනත් සාක්කුව පිරෙනවා
වාසි පිළ රජකරන පාට කර බලනවා
පාටෙ අඳුරක් වුනොත් පිළ මාරැ කරනවා
අලුත් පාටක් බලන කණ්නාඩි ලැබෙනවා

“ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ”
කියා දුන්න කම් රස කෙළියේ සැප නැති බව
කෙසේ කවදා නම් ඔය මොළ ගෙඩියට වැටහේද

දාගත්ත තොප්පියේ බර
දරා ගත නොහැකි බව
ඔබ හිසට නොවූවත්
ලක් මවට
ඇගෙ දයාබර දරැවන්ට
දරා ගන්නට නොහැකි
මහ ගල්කුළක් වැනිය

මොලේ කළඳක්  ඇතොත්
හිතන්නකො ගලවන්න
පාට කණ්නාඩි ඔබෙ
ලා ගන්න පාට නැති
නිරවුල්ව නිවහල්ව
යසට දුර ඈත දැක
ඉරා බැඳි කඩතුරා
දැකිය හැකි කණ්නාඩි

ලොවම ඔබ සනසාවි සනසලා පින් දේවි
ඒ පිනෙන් ඔබත් ඔබ දරැවනුත්
නැහැවිලා ඉතිරිලා ඉහවහලා සපිරිලා
අන්ධ බව දුරැ වෙලා යෙහෙන් ඔබ වැජඹේවි !

ලිව්වෙ 2013 ජනවාරි මස 04 වැනි සිකුරාදා
Pix :  Google image

No comments:

Post a Comment