Thursday, May 9, 2013

ගුරැ පියාණනි ගරැ

 උපුටාගත් FB ඉමෙජයත්

 
එක් දහස් නමසිය හැට දශකය දී අප සාන්ත පීතරයේ සිසුන්ව සිටියදී අපට, මිනිසත් බව ම යැයිද, සාහිත රස වින්දනය ම යැයිද කියාදී, බදු සිසුවකු ලෙස මා පංසලෙන්ද සවස් වරැව අකුරැ කල බව අසා, මහට, මග පාසල් මිතුරන් ‘ඇබිත්තයා’ යැයි නම් පටබැඳි විට, මා උගත් දේ අගයා, මගේ කතෝලික මිතුරන්ද ඒ දෑ හැදෑරීම යහපතක් යැයි කියාදී, ජාතිකත්වය හා සංහිඳියාවේ නියම අරැත මේ යැයි අප හට, වදනින් මෙන්ව කිරියාවෙන් කියාදුන් ගුරැ පියාණනි, ඹබගේ නාමයට හා මතකයට පුදමි මගේ හරසර ! ඹබට නිවන් සුව ලැබේවා!

අද ( මැයි 16 වනදා) ගුරැ දිනයලු ... ඒ නයින්
ජයකොඩි පියතුමන්, ප්‍රිම්සා සර්, පයස් සර්, මැටිවැඩ ටීවර්, ධම්මාලංකාර හාමුදුරැවො, ඉරිදා ඉස්කොලෙ  නන්දන සර්, සරසවියෙ එෆ් ආර් මහාචාර්ය තුමා, කේ පී වී සර්, රෙජී සර්, සඳරත්න සර්, හතා සර් ... මේ හැමෝමත්, තව මතකයේ කොනක ගරැ සරැවෙන් සරසවා රඳවා ඇති අන් ගුරැවරැන් හැමත්  .... සැමදා සිහි කරනා ලෙසම අද නැවත සිහිකරමු... හරසර පුදමු.

No comments:

Post a Comment