Sunday, May 26, 2013

පාලුවට වාරැවක්

 
 

 
පුංචි වුන් හැමදෙනා නෑගමක       ගිය හෙයින්
කොක්රාළ ආවෙ නෑ මාලු රැල         සීරැවෙන්
මඳ පවන වෙනදා වගෙ හැමුව මුත්   සීතලෙන්
උදෑසන හිරැ වැඩියෙ පමාවී              වාරැවෙන්

නිල් නෙලුම පිපී ඇත බඹර කැල     ඇවිත් ඇත
ලූල්කැල උඩට විත් අහර පිස           ගිහින් ඇත
ලෙනුන්ගෙ වපසරිය කොහොඹ පල බුදිනු ඇත
පොඩි දෝණි නැති නිසා අමුතු      පාලුවක් ඇත

මහලු විය ඔතා ගෙන ලස්සනට        මල් පිපුණ
කටරොලුය නිලට වෙලි සරාගෙන    දුන් සහණ
සිතක පිපි කවි මලින් සීරැවට             දිලි පහණ
දල්වමින් සැනසුනෙමි මැන බලන්    දින ගන
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 වෙසක් සතියෙ ඉරිදා



No comments:

Post a Comment