Monday, May 27, 2013

තනි පහනෙ අසිරිය

 
 
ජායා රැව ගත්තෙ මම


අඳුර සිඳ බිඳ සිත් පහන් කල මඳ පවන විඳ සැලෙන      පියබඳ
දකින අරැමය මහැඟි සතරැති නැණස පහදා         කියා දුන් සඳ
දුකය දුක ඇතිවුනේ කොහොමද ඉන් මිදෙන මඟ දුටද පුණුසඳ
කලු වලා පට සරා උන්නද නොහැඟුනද මඟ කටොලු   පිළිබඳ

එකම පහණක සුමුදු එළියෙන් මඟේ රඟ දන මෙනෙහි          වේවිද
පහන් දහසක් දැල්වු පමණින් අඳුර සිඳ සිත                 පහන් වේවිද
නෙතට වැදෙනා අකුණු පහරින් කෙලෙස මඟ හෙළි පෙහෙලි වේවිද
මොහොතකින් දුටු මඟ ලකුණු මත යන ගමන        සනිටුහන් වේවිද

සරා විඳි කප් සුවහසක් කල් මෙනෙහි කල දම් සිත්        සැදේවා
වරා අඳුරේ සැදුන මං පෙත පහණ එළියෙන් දැක           දිලේවා
දුකය දුක ඇතිවුනේ කෙලෙසද ඉන් මිදෙන මඟ පෙහෙලි වේවා
එකම පහනක දිලෙන දැල්ලක මහිම අප හිත         මත රැඳේවා
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ
වෙසක් මාසෙ 27 වෙනිදා



No comments:

Post a Comment