Wednesday, May 1, 2013

රැපු නසන තාණ්ඩවය


සියලු බාධක බිඳන් රජ වෙන්න වුනු පිනෙන්
වෙර බලය දරාගෙන රැපුන්   නැසු අනුහසින්
හඟිමු කරනා කාරි වටින       මිණි මුතු අරන්
ණය නොවී ඉඳිමු අපි නිවහල්ව       නිදහසින්

පුතුන් රිසි පුහුඹු වැඩ කිරා මැන        බලනවද
වැරදි දේ දුටුව තැන නොදුටු සේ      ඉන්නවද
බුදුන් දෙසු රම් වදන් අනුව           පිළිපදිනවද
නැති ධනය වැය කරන් උඩ ගිහින් වැටෙනවද

රන්දිවේ සම්පතින් එකිනෙකා       හැදෙනවද
ඵලදෙන්න කලින් දෑ විකුනන්න        හදනවද
අරපරිස්සම මිසක අන් දමක්            රකිනවද
සොබා දම් මවුට වන වින කර්ම        දකිනවද

නීතියට රීතියට හිස නමා                 රකිනවද
ගිවිසි සේ පති බලය අවම කර       පෙන්නමුද
සුදුසු අය මිසක බල එහෙයියන්        වඩනවද
දස රාජ දම් බෙලෙන් රට රකිනු       රිසි වේද

සිත් සතන් පිරේවා මනස් මල්            පිපේවා
කරැණාව මෙත්තාව වැඩේවා             දිනේවා
හද ගිනි නිවේවා සාම දම්               රැකවා
රට කරන හැම අයට යහ මගම       පෙනේවා


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මැයි 1 වනදා
 
 

No comments:

Post a Comment