Friday, May 31, 2013

අකල් වැහි

 
පසුබිම නිදහස් ගූගල් ඉමෙජයක්
 



අඳුරැ වැහි අහස අද

මට කියා ගෙන ගියා
හිරැට එනු නොහැකි බව

කුඩාවුන් ඉස්කෝලෙ
යන මගදි හමුවුනා
අද උන්ගෙ හිනාහඬ වියළිලා වියැකිලා

ගමට කඩයප්ප දෙන
හින්නි අම්මට වැස්ස
බඩට ගහලා ගිහින් හූල්ලල බලනවා

යසට හැදු නියර බැමි
කඩින් කඩ කැඩීලා
කඩේ සීයගෙ කුඹුරෙ එක වැඩේ දෙක වෙලා

සිප්පි ලයිසියට අද
නිවන් මග පෑදිලා
හවස බොන ගිණිවතුර ණයට ගන්නට වෙලා

වෙසක් මල් මැලවිලා
බටිති කැල හැංගිලා
සුළඟෙ වෙලි කොහොඹ ගහ ලජ්ජාවෙ ඇඹරැනා

යලි එන්න පායලා
සිත් අඳුර මකාලා
නාවොතින් කුඩාවුන් උරන වෙයි සිතාලා


රෙන්ටන්
අල්විස් පබැදුමක්

No comments:

Post a Comment