Friday, May 10, 2013

අනේ පුතේ වැලක් අරන්

 
 
 

ලොකු බිල්ඩිං මහල් මහල්
යාන වාන ෆෝ වීල් ඩ්‍රයිව්
අධිවේගී ගමන් බිමන්
පොදි ගැට මිට කොමිස් පගා
කැලෑ කපන් ගස් අඔරල
මහ පරිමණ ව්‍යාපෘතිය
කෝල් පවර් කලුපාටට
ඉන්දන යන පවර් ප්ලාන්ට්...

මේ සේරම දියුණුව නම්
භූතයන්ට අරක් ගන්න
කමත ලියා තියා වරෙන්
අත්තමේදි කියපු කයිය
රී මික්ස් කර ගයා වරෙන්
කීය ගියත් උකස් කලත්
සුපර් තරැව වීල වරෙන්
අනේ පුතේ වැලක් අරන්
බාල්කයට දාල වරෙන් !

රෙන්ටන් අල්විස් ලිව්වෙ


No comments:

Post a Comment