Thursday, May 30, 2013

හැරවුම් ලක්ෂය


මෙතෙක් දුර ගෙවා ආ මඟ

නැති කමට වඩා කම්මැලි කමට
කනපිට පෙරලවා අඳින
යට ඇඳුමක් සේ
හොඳට ගසා සකසා
නැවත අඳිනවද
නැත්නම් හොඳට සුවඳට
හෝදා අල්මාරියේ කොනක
නවා ලස්සනට තබා ඇති
අලුත් එකක් එලියට ගන්නවද
ඉන් කුමක් මා කලත්
කිව්වත් ඔබ හිතාවි
මා නරැමයෙකි යැයි කියා.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment