Friday, May 3, 2013

සරැංගලේ


ඈත අහස සරා සරණ පොඩි දෝණිගෙ     සරැංගලේ
මලක් වගේ තිතක් වගේ සුලඟෙ වැනෙන සරැංගලේ
නූල නැතුව හිතුමතේට පියාඹමුද              සරැංගලේ
කුරැල්ලෙක්ද යන්තරයද කියා දෙන්න       සරැංගලේ

මුහුද වගේ සවස අහසෙ ඔරැ රැවලකි          සරැංගලේ
අතට දැනෙන හිත පිනවන හිනා නගන      සරැංගලේ
දැනෙනවාද හැඟෙනවාද අපේ සතුට          සරැංගලේ
නටමු තවත් හවස් වුනත් අපි ඔක්කොම     සරැංගලේ

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මැයි 3 වනදා
 
 
නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment