Friday, May 24, 2013

වෙසක් පැතුමක්

 
 
 
 
සම්බුදු පියාණනි!
ඔබ සරණ සොයනා මා, අප
අප දැය, අප ලොව
සරැවපිත්තල වැඩ වලින් තොර
අඩුම තරමින් පන්සිල්වත් රකිනා
සොබාදම් මව පුදසුනේ තබනා
සිත් සනසවා පහන් කරවන
කරැණා මෙත්තා මුදිතා
උපේකා ගුණ කලත කලතා
බවුන් වඩවා මෙත් සිසිල සදවා
අනුන්ටත් එම සිසිල බෙදලා
විරිතින් නොව අරැතින් බැත සදවා
මහට, අපට, අප දැයට, අප ලොවට
ඔබ දුටු, ඔබ දෙසු
ඒ මනරම් නිවනට මඟ
හෙළි පෙහෙළි වේවා!

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 වෙසක් පොහොය දා



No comments:

Post a Comment