Wednesday, May 29, 2013

දිනූ යුදබිමක හඹා ගිය සාමය

 
 
 
බෙදුනු හදවත්
බැුණු වැටකොටු
සැදූ අදහස්
මමය මාගේ
මගේ දේශය
මගේ ආගම
මගේ ජාතිය
මගේ වරිගය
රකිනු කුමටද
සොබාදම් මව
වැළපෙනා කල
දරාගන්නට බැරිව ගිණික
පහන් සිතුමන් වැරෑ මිනිසුන්

රකින රිසියෙන් බුබුරණා ගිණි
සරා පැතිරෙන ලොවක දේසෙක
කෙලෙස කුමටද මා රැකෙන්නේ

මගෙන් මිදිලා අප සොයන්නෙමි
අපේ උස්මිටි ගුණ දකින්නෙමි
බෙදුනු හදවත් බෙදුනු වැටකොටු
මගේ හද තුල කුල කරන්නෙමි.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment