Tuesday, May 28, 2013

සිරිතින් ඔබ්බට

 
 
පසුතල රැව නිදහස් ගූගල් ඉමෙජයක්
 
 
රස සරන මග වරන
වැට කඩොලු එපා මට
සිරිත සොඳ විරිත මත
බැඳි බරණ සොයා ගෙන
ඉන් එහා දුර දුටුව
අපූරැව නිමැවුමක
සහන් සුව සොයා යන
විවරවූ අහස් කුස
පියාපත් විහිදුවා
නිවහල්වූ නිදහසින්
සරන්නට දෙන්න මට
උකුස්සකු ලෙසින් නොව
බටිති පැටවකු ලෙසින් ...
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
 



No comments:

Post a Comment