Monday, May 6, 2013

නාය යෑම


සොබාදම් මව් කුසට වින කොට හිතන්නට බැහැ හොඳින්   ඉන්නට
දිගන මිහි බට නාය යන්නේ හේතුපලදම                  පල   දරන්නට
කරන කාරණ හොඳින් නරකින් තමන් පසුපස            හඹා   එනවිට
නාය යන බිම් සමග ගේදොර මිනිස් මනසද සිතද             එක්කොට

රටක නීතිය හැමට එක ලෙස බෙදිය යුතු බව       මෙනෙහි කරනට
හිස් වදන් මදි කරන කාරන වලින් පෙන්නා               රට කරන්නට
පහලවන්නට යහ සිතුම් වැල් දන දනන් හිත්               නිවාලන්නට
පතන්නෙමි මම පහන් සිතුවිලි නායයන්නට        ඉඩ නොදෙන්නට

කරපු පව් ඇත කරන පව් ඇත සිත් සතන් දන                  පෙලාලූවද
හිතක් ආවද දනට ලොල් වී නිදන් වුනු දෑ                    හොරාගත්තද
නාය ගිය බව ඹබේ යහගුණ කොහොම හඩඟා            අප කියන්නද
එපා දෙන්නට නාය යන්නට දම් දිවක සිරි              ඟා නොම හෙද


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ


 
 නිදහස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment