Tuesday, May 14, 2013

ගිණිසිසිල

 
 
 
ගිණිසිසිල
ඇතුල ගිණිගෙන දැවෙන මොහොතක කෙලස පිට ගිණි හඹා යන්නේ
පිටත ලැව් ගිණි ඇවිලෙනා කල ඇතුල සිසිලස                පලායන්නේ
සහන් වුනු සිත පහන් සිතුමන් දෙතැන් වුනු සිත්               යාකරන්නේ
ඇසු පිරෑ දම අනුව පිහිටා හදේ ගිණි දැල්                          සංසිඳින්නේ

ගිණිසිසල විඳි පැරණියෝ අප යාග යාදිනි                     පුද කරන්නෝ
මිලට මුදලට නොගත හැකි දෑ සිතින් විඳ උන්               රස කරන්නෝ
පිටත සිසිලෙන් ඇතුල සදනට කවුලු අටවා                     මං බඳින්නෝ
මිනිස් කම මත පිහිටුවා හිඳ බුබුරණා ගිණි                    නිවාලන්නනෝ
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මැයි 13 වනදා


No comments:

Post a Comment