Sunday, March 31, 2013

පහන් වූ කවි සිත

වහන් දොස් නැති කවි ලියත         හැකි
විරිත සිරිතට වහල් විය                 හැකි
අරැත සිඳ බොල් රස බෙදිය          හැකි
කවි සිතින් බර පොදි හලත           හැකි

විරිත අරැතට නොරොක්     වෙන්නයි
ගුරැන් කී මග මැන             බලන්නයි
රස වදන් මත ගුණ             ගයන්නයි
දකින දුර්ගුණ වලෙහි           ලන්නයි

කවින් ලඳූනට කලේ          විනකම්
හංස යෝධර කළඹ           රඹ ටැම්
රජුන් පිනවන නිරස           රසකම් 
තවත් කරමුද එවන්          මොටකම්

තුරැණු සිත් මත රාග  ගිණි  කඳ
හෙලා පෙලනා කවිය  මදි හොඳ
දයා කරැණා මුදු ගුණය         විඳ
පහන් සිත් තුල රඳමු      පුන් සඳ


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 30 වනදා

මා ගත්ත රැවක්

No comments:

Post a Comment