Sunday, March 24, 2013

දුකයි. එච්චරයි.


අර ඈත ගී කව් ආකාසෙ ලස්සනට
ලියල වයාලා ගයාලා මවපු
චන්ද්‍රමණ්ඩලේ සැතපුන
පුංචි සාවිය
උදේක කියා දුන්න විදියට
අපූර්ව වැඩක් කරල
හිරැ නටුවෙන් ගලවන්න
ගලවල බිමට වට්ටන්න
ගහපු කාබයිට් දුම් ටිකක් වැදිලද කහෙද
තැම්බිල උඩු යටිකුරැ වෙල ඒ රාත්‍රියෙම
මගෙ පුංචි ලෝකෙ වළාකුළු බිඳගෙන
කඩාගෙන වැටුන. වැටිල
ඇස්පනාපිටම මැරැණ.


දරාගන්න බැරි දුකට
මට ඇඬුන. මං පෙලුන.
එච්චරයි.

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 22 වනදා

නිදහස් ගූගල් ඉමෙජයක්

 

No comments:

Post a Comment